චීනයේ පරිසර විද්‍යා හා පරිසර අමාත්‍යාංශය අද(27) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් වායු දූෂණයට එරෙහි චීනයේ පාරිසරික සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක වීමේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කර ඇත. එයට අනුව, 2025 දී චීනයේ පරිසරයේ වායු ගුණාත්මකභාවය එහි වාර්තාගත හොඳම මට්ටමට ළඟා වී තිබීම විශේෂත්වයකි.
2025 දී, ඇගයීමට ලක්වූ ප්‍රධාන දර්ශක සඳහා, එනම් සාමාන්‍ය PM 2.5 මට්ටම, හොඳ වායු ගුණාත්මකභාවයක් සහිත දින අනුපාතය සහ අධික වායු දූෂණයක් සහිත දින අනුපාතය, අධීක්ෂණ කටයුතු ආරම්භ වූ දා සිට වාර්තා වූ හොඳම මට්ටම් පෙන්නුම් කරයි.
“14 වන පස්අවුරුදු සැලසුම්” කාලය තුළ, කර්මාන්ත, බලශක්ති සහ ප්‍රවාහන අංශවල හරිත හා අඩු කාබන් පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය වැඩි උත්සාහයක් ගෙන ඇත. පරිසර සංරක්ෂණය සහ සමාජයීය සංවර්ධනය සමතුලිතාවයෙන් යුතුව ජයග්‍රාහී තත්ත්වයක් අත්කර ගැනීමට එමගින් හැකි වී තිබේ.
එමෙන්ම, චීන පරිසර විද්‍යා හා පරිසර අමාත්‍යාංශයේ නිලධාරියෙක් එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවේ, “15 වන පස්අවුරුදු සැලසුම්” කාලය තුළ වායු දූෂණය වැළැක්වීම සහ පාලන කටයුතු විවිධ අභියෝගවලට මුහුණ දෙමින් සිටින අතර, PM2.5 මට්ටම අඩු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බවත් ය.

