30 C
Colombo
Thursday, February 26, 2026

චීන හා ජර්මානු නායකයන් අතර හමුවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජර්මන් චාන්සලර් Friedrich Merz මහතා හමු වෙයි. එම හමුව ඊයේ (25) සවස බෙයිජිං හිදී සිදු විය.

ලොව දෙවන විශාලතම ආර්ථිකය හිමි චීනය හා ලොව තුන්වන විශාලතම ආර්ථිකය හිමි ජර්මනිය අතර සම්බන්ධතා දෙරට යහපතට පමණක් නොව යුරෝපයට හා ලෝකයට ද වැදගත් බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ ය. ද්විපාර්ශ්වික සබඳතා වඩාත් වර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ චීන ජනාධිපතිවරයා  යෝජනා තුනක් ඉදිරිපත් කළේ ය. එම යෝජනා අනුව චීනය හා ජර්මනිය අන්‍යෝන්‍ය සහාය ලබාදෙන විශ්වසනීය හවුල්කරුවන් මෙන්ම අන්‍යෝන්‍ය විවෘතභාවය හා ප්‍රතිලාභ මත පදනම් වන නවෝත්පාදන හවුල්කරුවන් විය යුතු ය. එසේ ම, චීනය හා ජර්මනිය සංස්කෘතික වශයෙන් මනා අවබෝධයක් හා සමීපතාවක් තිබෙන හවුල්කරුවන් විය යුතු ය. ජාත්‍යන්තර කටයුතුවලදී බහුපාර්ශ්වවාදයේ ආරක්ෂාව, ජගත් නීතියේ පාලනය, නිදහස් වෙළඳාම ආරක්ෂාව සහ සමගිය හා සහයෝගිතාව සඳහා චීනය හා ජර්මනිය ප්‍රමුඛත්වයක් ලබා දිය යුතු බවත්, දෙරට එක්සත් ජාතීන්ගේ කේන්ද්‍රීය ස්ථානයට අනුබල දිය යුතු බවත්, ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

චීන ජනතාවට සුබ නව වසරක් පතමින් ජර්මන් චාන්සලර්වරයා එහිදී කියාසිටියේ චීන ජනතාව සාම්ප්‍රදායික නව වසර සමරමින් සිටින කාලයේ චීනයට පැමිණීමට ලැබීම පිළිබඳ තමන් සතුටු වන බවයි. චීනය සමග පවතින සම්බන්ධතා ජර්මනිය ඉතා වැදගත් කොට සලකන බවත්, චීනය සමග එක්ව දෙර‍‍ට මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික උපාය මාර්ගික හවුල්කාරීත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට කැමති බවත්, Friedrich Merz මහතා පවසයි. ජාත්‍යන්තර තත්ත්වය බැරෑරුම් වෙනසකට භාජනය වෙමින් පවතින වත්මන් කාලයේ ජර්මනිය හා චීනය ‍ගෝලීය අභියෝගවලට මුහුණදීමේ පොදු වගකීමක් දරමින් සිටී. නිදහස් වෙළඳාම ආරක්ෂා කිරීම සහ ආරක්ෂණවාදය පිටුදැකීම වෙනුවෙන්  චීනය සමග සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව ද ජර්මන් චාන්සලර්වරයා සඳහන් කළේ ය.

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ද එහිදී නායක දෙපළ අදහස් හුවමාරු කර ගත්හ.

එම හමුවීමෙන් පසු දෙපාර්ශ්වය ඒකාබද්ධ ප්‍රවෘත්ති නිවේදනයක් ද නිකුත් කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here