යුක්‍රේන අර්බුදයට දේශපාලන විසඳුමක් ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය අඛණ්ඩව උත්සාහයෙන් කටයුතු කරනු ඇතැයි චීන නියෝජිතයා පවසයි.
ඊයේ (24) පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ යුක්‍රේන අර්බුදය පිළිබඳ කෙටුම්පත් යෝජනාවකට චීනය ඡන්දය දීමෙන් වැළකී සිටියේය. ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ චීන නියෝජිත කණ්ඩායමේ උපදේශක Teng Fei මහතා චීනයේ ස්ථාවරය පැහැදිලි කර ඇත.
සෑම රටකටම හිමි ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ගරු කිරීම චීනයේ ස්ථාවරය බව ඔහු පැවසීය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු මෙන්ම මූලධර්ම ආරක්ෂා කරමින් සියලු පාර්ශ්වයන්ගේ නීත්‍යානුකූල ආරක්ෂක අවශ්‍යතා වැදගත් කොට සැලකිය යුතු බවත් ඔහු අවධාරණය කළේය. අර්බුදය සාමකාමීව විසඳීමට හිතකර සියලු උත්සාහයන්ට සහාය විය යුතු බව චීනය සැමවිටම විශ්වාස කරන බව ඔහු පෙන්වා දුන්නේය.

