න්‍යෂ්ටික අත්හදා බැලීම් යළි ආරම්භ කිරීම සඳහා නිදහසට කරුණක් සොයා ගැනීමේ උත්සාහයන් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(25) පැවති මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළාය.
මෑතකදී අවි පාලන කටයුතු භාර ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් Christopher Yeaw චීනය න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කර ඇති බවට චෝදනා කළේය. ඇමරිකාව අන්‍යෝන්‍ය වශයෙන් න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බව හෙතෙම ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් Mao Ning මහත්මිය මෙම අදහස් පළ කළාය.
චීනය සැම විටම න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් ගිවිසුමේ මුලධර්මය හා ඉල්ලකයන් ස්ථිර ලෙස අනුගමනය කරන බව ඇය ප්‍රකාශ කළාය. ඒ අනුව න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීම පිළිබඳ න්‍යෂ්ටික අවි සහිත රටවල් පහ ලබා දුන් ප්‍රතිඥාව ද චීනය අනුගමනය කර ඇත. ජාත්‍යන්තර අවි පාලන වගකීම් භාර නොගැනීමේ අරමුණෙන් ඇමරිකාව වෙනත් රටකට චෝදනා කර තිබේ. අදාළ ප්‍රතිඥාව අනුගමනය කරන ලෙස චිනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. එමෙන්ම ජාත්‍යන්තර න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කිරීමේ පොදු එකඟතාව සහතික කර න්‍යෂ්ටික අත්හදා බැලීම් යළි ආරම්භ කිරීම සඳහා නිදහසට කරුණක් සොයා ගැනීමේ උත්සාහයන් නතර කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින බවද විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවාය.

