14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 21 වැනි සමුළුව නීති කෙටුම්පත් පරීක්ෂා කිරීම සඳහා රැස්වෙයි. ස්ථාවර කමිටු සභාපති Zhao Leji මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) එම ප්‍රථම පූර්ණ සැසිවාරය බෙයිජිං මහජන මහශාලාවේදී ආරම්භ විය. සාමාජීය සහනාධාර නීති සංශෝධන කෙටුම්පත, සහතිකලත් රාජ්‍ය ගණකාධිකාරී පිළිබඳ නීති සංශෝධන කෙටුම්පත, ජාතික ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ සේවකයින් පිළිබඳ කෙටුම්පත යන කෙටුම්පත් එහිදී පරීක්ෂාවට ලක් කෙරිණ.
14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය කැඳවීමට අදාළ සූදානම් කටයුතු ද මෙවර රැස්වීමේ දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. ඊට අමතරව, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාරක වාර්තාව, 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරයේ න්‍යාය පත්‍රය පිළිබඳ කෙටුම්පත ඇතුළු කෙටුම්පත් කිහිපයක් ද එහිදී පරීක්ෂාවට ලක් විය.

