බටහිර ඉවුර සම්බන්ධයෙන් ඊශ්‍රායලය ගෙන ඇති තීරණ රටවල් හා කලාපීය සංවිධාන රැසක් හෙළා දකී. බටහිර ඉවුරේ පාලනයන් නීති විරෝධී ලෙස පුළුල් කිරීමට ගෙන ඇති එම තීරණ රටවල් 20කට ආසන්න සංඛ්‍යාවක්, අරාබි ලීගය සහ ඉස්ලාමීය සහයෝගතා සංවිධානයේ ඒකාබද්ධ හෙළා දැකීමට ලක්ව ඇත.
සෞදි අරාබිය,ඊජිප්තුව සහ ජෝර්දානයේ විදේශ ඇමතිවරු මෙන්ම කලාපීය සංවිධානවල මහ ලේකම්වරුන් ද ඇතුළුව නිකුත් කර ඇති එම ඒකාබද්ධ නිවේදනය මගින් පලස්තීනය සතු භූමිය නතු කර ගැනීමට ඊශ්‍රායලය ගෙන ඇති ක්‍රියාමාර්ග මාලාවක් දැඩිව හෙළා දැක ඇත. එම පියවරයන් ආරක්ෂක මණ්ඩල විසඳුම් යෝජනාවන් ඇතුළු ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමකි. එය කලාපීය සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමේ උත්සාහයන් තැකීමට ලක් නොකිරීමක් යැයිද එම නිවේදනය පවසයි.
ජාත්‍යන්තර බැඳීම්වලට ගරු කරමින් පලස්තීන භූමියේ නීත්‍යනුකූල හා පරිපාලන තත්ත්වයන් ස්ථිර ලෙස වෙනස් කරන එවැනි ක්‍රියාවන් ගෙන් වැළකී අදාළ තීරණ වහාම වෙනස් කරන ලෙසට එම නිවේදනය ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටී.

