29.5 C
Colombo
Tuesday, February 24, 2026

තීරු බදු සම්බන්ධ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ‍ය සම්බන්ධයෙන් පූර්ණ තක්සේරුවක් සිදු කරන බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකානු රජය පැනවූ තීරු බදු සම්බන්ධයෙන් එර‍ට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ‍යේ අදාළ අන්තර්ගතයන් හා බලපෑම සම්බන්ධයෙන් පූර්ණ තක්සේරුවක් සිදු කරන බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත යටතේ වෙළඳ හවුල්කරුවන්‍ට එරෙහිව තීරුබදු පැනවීමට ඇමරිකානු රජය ගත් තීරණය නීති විරෝධී බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.මාධ්‍ය විමසීම්වලට ප්‍රතිචාර දැක්වූ චීන වා‍ණිජ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් චීනය සැමවිටම ඒකපාර්ශ්වික බදු ඉහළ නැංවීම්වලට විරුද්ධ බව පැවසීය.වෙළඳ යුද්ධයකින් කිසිදු ජයග්‍රාහකයෙක් බිහි නොවන අතර ආරක්ෂණවාදය විනාශයේ අවසානය කරා පමණක් රැගෙන යනු ඇති බවද හෙතෙම සඳහන් කළේය.

අන්‍යෝන්‍ය තීරුබදු සහ ෆැන්ටනයිල් තීරුබදු පැනවීම, ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති උල්ලංඝනය කිරීමක්  පමණක් නොව,  ඇමරිකාවේ දේශීය නීති ද  උල්ලංඝනය කිරීමක් වන  අතර එය කිසිදු පාර්ශ්වයක අවශ්‍යතාවක් නොවන බවද එම ප්‍රකාශකයා කීය.

වෙළඳ හවුල්කරුවන් මත පනවා ඇති ඒකපාර්ශ්වික තීරුබදු ඉවත් කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටින අතර සහයෝගතාවෙන් දෙපාර්ශ්වයටම ප්‍රතිලාභ හිමිවන අතර සටන් කිරීමෙන් දෙපාර්ශ්වයටම හානි සිදු වන බවද චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.

වෙළඳ පරීක්ෂණ ඇතුළු විකල්ප පියවර වෙනුවෙන් ඇමරිකාව සූදානම් වන ආකාරය පිළිබඳ  අවධානය යොමු කර ඇති චීනය  එය සමීපව නිරීක්ෂණය කරමින් තම අභිලාෂයන් දැඩිව ආරක්ෂා කිරීමට පියවර ගනු ඇතැයි ද ඔහු අවධාරණය කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here