චීන රජය 25වන ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වූ චීන කණ්ඩායම වෙත සුබපැතුම් පණිවිඩයක් යොමු කරයි.ඊයේ (22) ඉතාලියේ දී අවසන්වූ 25වන ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී චීන ක්‍රීඩා කණ්ඩායම ලබාගත් විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය අද (23) සුබපැතුම් පණිවිඩයක් යොමු කර ඇත.
විදේශයක පැවති ශීත ඔලිම්පික් උළෙලකදී සිය ඉතිහාසයේ ඉහළම දක්ෂතා විදහා පෑමට චීන ක්‍රීඩා කණ්ඩායම සමත්ව තිබේ. එමගින් ඔවුන් මව්රට හා චීන ජනතාව වෙනුවෙන් මහත් ගෞරවයක් දිනා දී ඇත. මෙවර ශීත ඔලිම්පික් උළෙලේදී චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලොව ඉදිරියේ අපරිහත ශක්තිය හා ධෛර්යය සේම ඉහළ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් නව යුගයේ චීන ශක්තිය, චීන ජීවගුණය සහ ප්‍රතිරූපය පෙන්නුම් කළ බව එම සුබපැතුමේ සඳහන් වෙයි.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනයේ මඟපෙන්වීමක් වශයෙන් සලකමින් ඉදිරියේදී සිය කාර්යභාරයන් අඛණ්ඩව ඉටු කරන ලෙස චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ චීන රාජ්‍ය මණ්ඩලය සුබපැතුම් පණිවිඩය මගින් චීන ක්‍රීඩා කණ්ඩායම දිරිමත් කර ඇත.

