ඉදිරි මාසයක පමණ කාලය තුළ ඇමරිකාව සහ ඉරානය එකඟතාවයකට පැමිණෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පවසයි. කෙසේවෙතත් එසේ නොවුනහොත් එහි ප්‍රතිවිපාක ඉරානයට ඉතා බරපතල සහ වේදනාකාරී වනු ඇති බවට, ඊයේ (12) ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු තර්ජනය කළේ ය.
ඇමරිකාව මෑතකදී ඉරානය මත වඩාත් වැඩි පීඩනයක් යොදමින් හමුදාමය මැදිහත්වීමක් සිදු කරන බවට තර්ජනය කළේය. එමෙන්ම මැදපෙරදිග කලාපය වෙත යෙදවීම සඳහා සූදානම් වන ලෙස, ඇමරිකානු රජය සිය හමුදාවට අයත් දෙවන ගුවන් යානා ප්‍රවාහන නෞකා සමූහයට උපදෙස් දී ඇති බවත් වාර්තා විය.
ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සහ උත්තරීතර නායක උපදේශක Ali Larijani මහතා එදින ප්‍රකාශ කළේ, ඉරානය ඇමරිකාවට කිසිදු පණිවිඩයක් ලබා දී නොමැති බවයි. සාකච්ඡා අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඉරානය මෙන්ම ඇමරිකාව ද කැමත්ත පළ කර ඇති නමුත් එම සාකච්ඡා තුළින් ප්‍රතිඵල ලැබීම සහතික කිරීම සඳහා පළමුව දෙපාර්ශ්වයම එකිනෙකා සමඟ අභ්‍යන්තර සාකච්ඡා පැවැත්විය යුතු බව ඔහු සඳහන් කළේ ය.

