31.1 C
Colombo
Tuesday, February 24, 2026

“2026 සිනමා ආර්ථිකය ප්‍රවර්ධන වසර” පිළිබඳ වැඩසටහන ඇරඹේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජාතික චිත්‍රපට පරිපාලනය සහ චීන මාධ්‍ය සමූහයේ ප්‍රධානත්වයෙන් සහ චීන වාණිජ අමාත්‍යාංශයේ සහයෝගයෙන් “2026 සිනමා ආර්ථිකය ප්‍රවර්ධන වසර” පිළිබඳ වැඩසටහනේ සමාරම්භක උත්සවය ඊයේ(12) චීනයේ බෙයිජිංහිදී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong සහ චීන නියෝජ්‍ය වාණිජ අමාත්‍ය Yan Dong යන මහත්වරු එම උත්සවයට එක් වූහ. එහිදී “2026 සිනමා ආර්ථිකය ප්‍රවර්ධන වසර” නිල වශයෙන් ආරම්භ කෙරිණ.

මූලික සංඛ්‍යාලේඛනවලට අනුව, 2025 වසරේ චීනයේ සිනමා කර්මාන්තයේ පූර්ණ වටිනාකම චීන යුආන් බිලියන  810ක් ඉක්මවා ගොස් තිබේ. එය ආර්ථික හා සමාජ සංවර්ධනයේ ඒ ඒ ක්ෂේත්‍රවලට පුළුල් ලෙස සම්බන්ධ වී තිබේ. ඉන් කැපීපෙනෙන ජයග්‍රහණ ද දැක ගත හැකිය. විවිධ ප්‍රදේශවල සිනමා ආර්ථික ප්‍රවර්ධන ක්‍රියාකාරකම් දිරිමත් කරන  “2026 සිනමා ආර්ථික ප්‍රවර්ධන වසර” පිළිබඳ වැඩසටහන මගින් චිත්‍රපට කර්මාන්තයට අදාළ පරිභෝජනයන් පුළුල් කරමින් ආර්ථික හා සමාජ සංවර්ධනයට නව ශක්තිය ලබා දීමට අපේක්ෂා කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here