24.5 C
Colombo
Wednesday, February 25, 2026

ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග “ද්වි-රාජ්‍ය විසඳුම” සඳහා ඇති අපේක්ෂාවන් විනාශ කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මහ‍ලේකම් පවසයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සිය පාලනයට නතු කරගෙන සිටින Jordan ගංගාවේ බටහිර ඉවුරේ A සහ ​​B ප්‍රදේශ ආශ්‍රිතව ඊනියා පරිපාලනය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ පියවර මාලාවක් ක්‍රියාවට නැංවීමට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි කනස්සල්ල පළ කරයි. ඊශ්‍රායලයේ මෙම තීරණය ඇතුළු වත්මන් ක්‍රියාමාර්ග “ද්වි-රාජ්‍ය විසඳුම” සඳහා ඇති අපේක්ෂාවන් විනාශ කිරීමක් බවට මහලේකම් António Guterres මහතා ඊයේ (09) අනතුරු ඇඟවීය.

ඊශ්‍රායලය විසින් අත්කරගෙන සිටින නැගෙනහිර ජෙරුසලම ද ඇතුළු බටහිර ඉවුරේ සියලු  ජනාවාස මෙන්ම, ඒ ආශ්‍රිත පද්ධති සහ යටිතල පහසුකම් සඳහා නීතිමය වලංගු භාවයක් නොමැති බව Guterres මහතා නැවත අවධාරණය කළේය. ඊශ්‍රායලයේ ක්‍රියාමාර්ග අදාළ එක්සත් ජාතීන්ගේ තීරණ ද ඇතුළුව ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බව ඔහු කීය.

පලස්තීනය හා ඊශ්‍රායලය අතර 1993 වසරේදී අත්සන් තැබුණු Oslo ගිවිසුමට අනුව, Jordan ගංගාවේ බටහිර ඉවුර, A, ​​B සහ C යන ප්‍රදේශ තුනක් ලෙස වෙන් කෙරිණ. එහි A ප්‍රදේශය පලස්තීන පාලනයටත්, C ප්‍රදේශය ඊශ්‍රායලයේ පාලනයටත් පැවරිණ. B ප්‍රදේශය පමණක් දෙපාර්ශ්වයම විසින් ඒකාබද්ධව කළමනාකරණය කරනු ලැබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here