චීනයේ චන්ද්‍ර දින දර්ශනයට අනුව සැමරෙන 2026 වසරේ අශ්වයාගේ අලුත් අවුරුද්ද ළඟාවත්ම, “ප්‍රීතිමත් චීන වසන්ත උත්සවය” යන තේමාවට අනුව ලොව රටවල් රැසක ක්‍රියාකාරකම් මාලාවක් පැවැත්වේ.
එහි පළමු ක්‍රියාකාරකම පසුගියදා ශ්‍රී ලංකාවේ කොළඹදී පැවැත්විණ. චීන ජන ගී හා නැටුම්, සාම්ප්‍රදායික චීන වාද්‍ය භාණ්ඩ ඇසුරින් ඉදිරිපත් කෙරුණු ගීත සහ විවිධ සම්භාව්‍ය කලා ආකෘතීන් ඇතුළත් එම සංදර්ශනය චීන සංස්කෘතියේ චමත්කාරය විදහා දැක්වීය.
ජාතීන් අතර සැබෑ හා කල් පවතින මිත්‍රත්වය, වෙළඳාම සහ සංවර්ධනය මත පමණක් නොව, සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් ද ඇති කළ හැකි බව මෙවැනි සංස්කෘතික ක්‍රියාකාරකම් අපට නැවත වරක් සිහිපත් කර දෙන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතා මෙම අවස්ථාවට එක්ව දේශනයක් පවත්වමින් සඳහන් කළේය.
මෙවැනි තවත් චීන සාම්ප්‍රදායික අලුත් අවුරුදු සැමරුම් ක්‍රියාකාරකම්, පේරු රාජ්‍යය, කියුබාව, ඇමරිකාව, ඇල්ජීරියාව ඇතුළු රටවල ද පැවැත්වේ.

