24.5 C
Colombo
Wednesday, February 25, 2026

ඉරාන න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් සාධාරණ අවබෝධයකට එළඹීමේ අරමුණින් ඉරාන විදේශ අමාත්‍යවරයා ඕමානයට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඉරාන විදේශ අමාත්‍ය Abbas Araqchi මහතා ප්‍රමුඛ විදේශ දූත පිරිසක් ඕමාන රජයේ Muscat අගනුවර බලා පිටත්ව ගොස් තිබේ. න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉරානය ඇමරිකාව සමග එහිදී සාකච්ඡා පවත්වනු ඇතැයි ඉරාන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Esmail Baghaei මහතා ඊයේ (05) ප්‍රකාශ කළේය.

න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් සාධාරණ, අන්‍යෝන්‍ය වශයෙන් පිළිගත හැකි මෙන්ම නිසි අවබෝධයකට එළඹීමේ අරමුණින්, ඉරානය සහ ඇමරිකාව මෙවර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වන බව ද Esmail Baghaei මහතා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

වත්මන් රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන සියලු ප්‍රාදේශීය රටවල් වෙත හෙතෙම ස්තූතිය පළ කර ඇත. එමෙන්ම වගකිව යුතු රටක් ලෙස ඇමරිකාව, ප්‍රායෝගික සහ බැරෑරුම් ආකාරයකින් අදාළ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය සඳහා සහභාගී වනු ඇතැයි ඉරානය අපේක්ෂා කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

මෑතකදී ඉරානය වෙත අඛණ්ඩව යුද තර්ජන නිකුත් කරමින් සිටින ඇමරිකාව, ඉරානයට ආසන්න ප්‍රදේශ ආශ්‍රිතව වැඩි යුද බලයක් යෙදවීමට යොමුවී තිබේ. එමෙන්ම ඇමරිකාව සමග හැකි ඉක්මනින් සාකච්ඡා පවත්වා ගිවිසුමකට එකඟ වන ලෙස ලෙස ඇමරිකාව ඉරානයෙන් ඉල්ලා සිටී. න්‍යෂ්ටික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉරානය සහ ඇමරිකාව අතර අද (6) Muscat අගනුවරදී සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් ඉරාන විදේශ අමාත්‍ය Abbas Araqchi මහතා පසුගිය 04 වනදා තහවුරු කර ඇත.

ලෝකයට ධනාත්මක ශක්තියක් එක් කරමින් ශක්තිමත් වන චීන-බ්‍රිතාන්‍ය සහයෝගීතාව
ලෝකයට ධනාත්මක ශක්තියක් එක් කරමින් ශක්තිමත් වන චීන-බ්‍රිතාන්‍ය සහයෝගීතාව

31-Jan-2026

චීනයේ අවස්ථා සහ චීනය සමග සහයෝගිතා පැවැත්වීම ගෝලීය අවධානයට
චීනයේ අවස්ථා සහ චීනය සමග සහයෝගිතා පැවැත්වීම ගෝලීය අවධානයට

25-Jan-2026

අසීරුතා මැඩගෙන ශක්තිමත්ව ඉදිරියට යන චීන ආර්ථිකය
අසීරුතා මැඩගෙන ශක්තිමත්ව ඉදිරියට යන චීන ආර්ථිකය

20-Jan-2026

චීනය ලෝක සිතියම තුළ විශාල මුද්‍රාවක් තබා අවසන්
චීනය ලෝක සිතියම තුළ විශාල මුද්‍රාවක් තබා අවසන්
ගෝලීය සහයෝගිතාව ප්‍රවර්ධනයට චීනයේ ප්‍රමුඛ කාර්යභාරයන් ලෝක ආර්ථික සංසදයේ සභාපතිගේ පැසසුමට
අභියෝග ජයගනිමින් ඉලක්ක සපුරා ගන්නා චීනය
- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here