24.5 C
Colombo
Wednesday, February 25, 2026

ශ්‍රී ලංකාවේ 78වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් චීන ජනපති ගෙන් ශ්‍රී ලංකා ජනපති වෙත සුබ පැතුම් පණිවිඩයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ශ්‍රී ලංකාවේ 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(4) ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පණිවිඩයක් පිරිනමා ඇත.

චීනය හා ශ්‍රී ලංකාව සංවර්ධනය හා පුනර්ජීවනය කරා එක්ව ගමන් කරන මිත්‍රයන් වන අතර පොදු ජයග්‍රාහී සහයෝගතාව ඉටු කරන හොඳ හවුල්කරුවන් බව ෂී ජින්පිං මහතා සඳහන් කරයි. පසුගිය වසරේ ජනවාරි මාසයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා චීනයේ සිදු කළ නිල සංචාරය අතර තුර, ඔහු සමග ඵලදායි සාකච්ඡා පවත්වා ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධයෙන් පුළුල් එකඟතාවන්ට පැමිණ ඇතැයි ද ඔහු සිහිපත් කළේය. ශ්‍රී ලංකාව සමග සම්බන්ධය තමා බෙහෙමින් අගය කරන බව ෂී ජින්පිං මහතා අවධාරණය කරයි. දෙරටේ ජනතාව වෙනුවෙන් වඩා වැඩි සුබ සෙත ගෙන දීම සඳහා, දෙරටේ උපායමාර්ගික සහයෝගතා හවුල්කාරිත්වය පුළුල් කරමින් පොදු  ඉරණමක් සහිත චීන ශ්‍රී ලංකා ප්‍රජාවක් ගොඩනැගීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග එක්ව උත්සාහ දැරීමට තමා කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වී තිබේ.

මේ අතර චීන අගමැති ලී ච්‍යං මහතා ශ්‍රී ලංකා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත ද සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here