24.5 C
Colombo
Wednesday, February 25, 2026

චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රවර්ධන වීඩියෝ පට රටවල් රැසක ප්‍රදර්ශනය කෙරේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2026 “ප්‍රීතිමත් චීන වසන්ත උත්සවය, ආකර්ෂණීය සේද මාවත” නමැති විශේෂ සංදර්ශනය ජනවාරි 31 වැනිදා සහ පෙබරවාරි 1 වැනිදා,  ටියුනීසියාවේ ටියුනිස් අගනුවරදී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය විසින් නිෂ්පාදනය කරනු ලබන වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රවර්ධන වීඩියෝව එම උත්සවයේදී ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.

ටියුනීසියානු විදේශ අමාත්‍ය Mohamed Ali Nafti සහ එරටේ චීන තානාපති Wan Li මහතා ඇතුළු ආරාධිතයන් 300 කට වැඩි පිරිසක් මෙන්ම, ටියුනීසියානු පුරවැසියෝ  1,500 කට ආසන්න පිරිසක් ද  සංදර්ශනය නැරඹූහ.

එමෙන් ම, මෙම වසරේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ප්‍රවර්ධන වීඩියෝව පෙබරවාරි 1 වැනිදා සෞදි අරාබියේ Prince Sultan විශ්වවිද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ පැවති වසන්ත උත්සව සැමරුමේදී සහ ස්වීඩනයේ අගනුවර වන ස්ටොක්හෝම් හි වසන්ත උත්සව පහන් කූඩු ප්‍රදර්ශනයේ ආරම්භ  උත්සවයේදී ද ප්‍රදර්ශනය කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here