චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උරුගුවේ ජනාධිපති Yamandu Orsi මහතා සමඟ සාකච්ඡාවක් පවත්වයි. එය අද(3) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී සිදු විය.
රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවා ගතවූ වසර 38 තුළ ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද චීනය සහ උරුගුවේ රාජ්‍යය සැමවිටම අන්‍යෝන්‍ය ගරුත්වය හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභී සහයෝගතාව පිළිබඳ ආකල්පයක සිට සම්බන්ධතා ගොඩනගා ඇති බව ෂී ජින් පිං මහතා එහිදී පෙන්වා දී තිබේ. දෙරටේ මිත්‍රත්වය තවදුරටත් පෝෂණය කිරීම සඳහා, නව තත්ත්වය යටතේ දෙරට, සම්ප්‍රදාය උරුම කර ගෙන විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වය පුළුල් කළ යුතු බව ද ඔහු කීය. ‘ජී77 සහ චීනය’ යාන්ත්‍රණයේ වාරික සභාපතිත්වය දැරීමට චීනය උරුගුවේ රාජ්‍යයට සහාය දක්වයි. උරුගුවේ රාජ්‍යය සමග එක්ව ගෝලීය දකුණේ සහයෝගතාව, සමාන හා ක්‍රමවත් ලෝක බහුධ්‍රැවීකරණය, පොදු ප්‍රතිලාභී ආර්ථික ගෝලීයකරණය ඉදිරියට ගෙන යමින්, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට වැඩි දායකත්වය ලබා දීමට අපේක්ෂා කරන බවද චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.
ෂී ජින්පිං මහතාගේ මෙහෙයවීම යටතේ චීනය ලද දැවැන්ත ජයග්‍රහණ ලෝක වාසීන්ගේ ඇගයීමට ලක්ව ඇතැයි උරුගුවේ ජනාධිපති Yamandu Orsi මහතා එහිදී කියා සිටියේය. චීනයේ 15වැනි පස් අවුරුදු සැලැස්මෙන් ලෝකයට වැඩි අවස්ථා ගෙන දෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ඔහු පවසයි. එකම චීනය මූලධර්මයටත් ‘එක් රටක් ක්‍රම දෙකක්’ ප්‍රතිපත්තියටත් උරුගුවේ රාජ්‍යයේ ස්ථිර සහයෝගය හිමි වේ. පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව පිළිබඳ ෂී ජින්පිං මහතාගේ සංකල්පය කෙරෙහි තම රට ඉහලින් ප්‍රශංසා දක්වන බව ද උරුගුවේ ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී සඳහන් කර ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව ආයෝජන ප්‍රවර්ධනය, වෙළඳාම ඇතුළු ක්ෂේත්‍ර පිළිබඳ 10කට වැඩි සහයෝගතා ලියවිලිවලට අත්සන් තැබීම නායක දෙපළ ඉදිරියේ සිදු විය.

