ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම යළි යළිත් උල්ලංඝනය කළ ඊශ්‍රායලය රටවල් අටක් හෙළා දකී. සෞදි අරාබිය, ජෝර්දානය, කටාරය, ඉන්දුනීසියාව, පාකිස්ථානය, ඊජිප්තුව හා තුර්කිය යන රටවල් අටේ විදේශ ඇමතිවරුන් ඊයේ(1) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඊශ්‍රායලය ගාසා තීරයේ සටන් විරාම ගිවිසුම යළි යළිත් උල්ලංඝනය කිරීම හේතුවෙන් මේ වන විට පලස්තීනුවන් 1000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම නිවේදනයෙහි සඳහන් වෙයි. ඊශ්‍රායලයේ එම ක්‍රියාකලාපය ගාසා තීරයේ නොසන්සුන්තාවය තීව්‍ර කරමින් සටන් විරාමයෙන් එම ප්‍රදේශයේ ස්ථාවරත්වය පුනරුත්ථාපනය කිරීම සඳහා දැරූ උත්සාහ ව්‍යර්ථ කරනු ඇත.
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර සාර්ථකව ක්‍රියාත්මක කිරීම විවිධ පාර්ශ්වයන් සහතික කළ යුතු බව එම නිවේදනයෙන් අවධාරණය කෙරේ. පලස්තීන ජනතාවගේ ස්වයං තීරණ ගැනීමේ අයිතිය හා රට පිහිටුවීමේ අයිතිය පදනම් වන දිගුකාලීන සාමය හා සාධාරණත්වය සාක්ෂාත් කරගැනීම උදෙසා දැනට ක්‍රියාත්මක සටන් විරාම ක්‍රියාදාමයට බාධා කරන ඕනෑම ක්‍රියාවක් වළක්වන ලෙස එම රටවල් අටේ විදේශ ඇමතිවරුන් ඒකාබද්ධ නිවේදනය මගින් විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

