29.5 C
Colombo
Wednesday, February 25, 2026

ග්‍රීන්ලන්ත ස්වෛරීභාවය පිළිබඳ ගැටළුව තීරුබදු තර්ජනයන් දක්වා වර්ධනය වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඩෙන්මාර්කයේ ස්වයං පාලන භූමියක් වන ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන්, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද නවතම තීරුබදු තර්ජනවලට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීම සඳහා, යුරෝපා සංගමයේ  සාමාජික රටවල් ඊයේ(18) හදිසි රැස්වීමක් පැවැත්වීය.

එදිනම යුරෝපා රටවල් අටක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, ඇමරිකානු තීරුබදු පැනවීමේ තර්ජනය අත්ලාන්තික් සාගර සබඳතාවලට හානි කරන්නක් වන අතර, එය භයානක විෂම චක්‍රයකට මග පෑදීමක් විය හැකි බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය 17වැනිදා සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කළේ, පෙබරවාරි 1 වන දින සිට ඩෙන්මාර්කය, නෝර්වේ සහ ස්වීඩනය යන රටවල් 8කින් ඇමරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා 10%ක තීරුබදුවක් පනවන බවයි. එසේම ඇමරිකාව “ග්‍රීන්ලන්තය සම්පූර්ණයෙන් මිලදී ගැනීම” සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන් එකඟතාවට පැමිණෙන තෙක්, ජුනි 1 වන දින සිට තීරුබදු අනුපාතය 25% දක්වා වැඩි කරන බව ද ඔහු කියා සිටියේ ය.

ඇමරිකානු තීරුබදු තර්ජනයට ප්‍රතිචාර වශයෙන්, යුරෝපා සංගමයට අපනයනය කරන යුරෝ බිලියන 93 ක් වටිනා ඇමරිකානු භාණ්ඩ සඳහා තීරු බදු පැනවීමට හෝ ඇමරිකානු සමාගම්වලට යුරෝපා සංගම් වෙළඳපොළට පිවිසීම සීමා කිරීමට, යුරෝපා සංගම් රටවල් කිහිපයක් සලකා බලමින් සිටින බවද වාර්තා පෙන්වා දෙයි.

මේ අතර නේටෝ මහලේකම්වරයා ඊයේ(18) ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ දුරකථනයෙන් ග්‍රීන්ලන්ත ප්‍රශ්නය පිළිබඳ සාකච්ඡා කර තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here