29.5 C
Colombo
Wednesday, February 25, 2026

චීනයේ 14වැනි පස්අවුරුදු සැලසුම අවසානයේ සාර්ථක ප්‍රතිඵල රැසක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ 14වැනි පස්අවුරුදු සැලසුම අවසානයේ සාර්ථක ප්‍රතිඵල රැසක් ලබා ගනී. එම සැලසුම ක්‍රියාත්මක කළ අවසන් වසර වශයෙන් 2025 වසරේ චීනයේ ප්‍රධාන ආර්ථික හා සමාජීය ඉලක්ක පූර්ණ වශයෙන් සපුරාගෙන ඇතැයි චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අද (19) 2025 වසරේ ප්‍රධාන දත්ත නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ. එම කාල සීමාව තුළ සංකීර්ණ දේශීය හා විදේශීය ආර්ථික පරිසර මධ්‍යයේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ රටේ සියලු ප්‍රදේශ හා ආයතන එක්ව ජාතික ආර්ථිකය ස්ථාවර ව හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව වර්ධනය කර ඇතැයි චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්ත අනුව 2025 වසරේ චීන දළ දේශීය නිෂ්පාදිතය චීන යුවාන් ට්‍රිලියන 140 ඉක්මවා ගොස් ඇත. එය 2024 වසරට සාපේක්ෂව 5%ක වර්ධනයකි. එසේම චීන නේවාසිකයන්ගේ වාර්ෂික ආදායම ද පෙර වසරට වඩා අඛණ්ඩව වර්ධනය වී තිබේ. එම වර්ධනය 5%කි. ඒ අතර චීන නේවාසිකයන්ගේ පාරිභෝගික මිල දර්ශකය පෙර වසර හා සමාන මට්ටමක පවතින බව එම දත්තයන්හි දැක්වේ. එ‍‍සේ ම පාරිභෝගික භාණ්ඩයන්හි සමස්ත සිල්ලර අලෙවිය 2025 වසරේදී චීන යුවාන් ට්‍රිලියන 50 ඉක්මවා 2024 වසරට සාපේක්ෂව 3.7%කින් වැඩි වී ඇත. වාර්ෂික ආදායම චීන යුවාන් දෙකෝටියකට වැඩි කාර්මික ව්‍යවසායන්වල අතිරේක අගයන්හි කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ. එම අගයන් 2024 වසරට සාපේක්ෂව 5.9%ක වර්ධනයක් බව ද චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ දත්තවලින් පෙන්නුම් කෙරේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here