29.5 C
Colombo
Wednesday, February 25, 2026

චීන මාධ්‍ය සමූහයේ 4K/8K අධිපැහැදිලි විකාශන ට්‍රක් රථය සීත සෘතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන ඉතාලියේ Milan නගරයට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මාධ්‍ය සමූහයේ අධිපැහැදිලි විකාශන ට්‍රක් රථය ඇතුළු උපකරණ රැගත් රථ කණ්ඩායම ඊයේ (13) ඉතාලියේ Milan නගරයේ San Siro ක්‍රීඩංගණයට ළඟා විය. 2026 වසරේ Milano Cortina සීත සෘතු ඔලිම්පික් උළෙල පිළිබඳ විකාශ කටයුතු නිල වශයෙන් ආරම්භ වීමද ඉන් සනිටුහන් වේ.

පෙබරවාරි මස 6 වැනිදා Milano Cortina සීත සෘතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය පැවැත්වීමට නියමිතය.

“සුසංයෝගීත්වය ” යන්න තේමා කරගත් මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවය, Milano ප්‍රධාන ක්‍රීඩාංගණය හා Cortina ඇතුළු ස්ථාන වලදී පැවැත්වෙනු ඇත. කලාව හා නවෝත්පාදනය, සම්ප්‍රදාය හා අනාගත සුන්දරත්වය ඉන් ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂා කෙරේ. චීන මාධ්‍ය සමූහයේ 4K/8K අධිපැහැදිලි විකාශන ට්‍රක් රථය සමාරම්භක උත්සවය සඳහා ගෝලීය පොදු සංඥාව නිෂ්පාදනය කරමින් ගෝලීය නරඹන්නන්ට අධිපැහැදිලි විකාශන අත්දැකීමක් ලබා දෙනු ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here