29.5 C
Colombo
Wednesday, February 25, 2026

විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් චීනය හා යුරෝපා සංගමය අතර එකඟතාවක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

යුරෝපා සංගමයට මගී විදුලි මෝටර් රථ අපනයනය කරන චීන සමාගම් සඳහා මිළ ගණන් පිළිබඳ පොදු මාර්ගෝපදේශ සැපයීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් චීනය සහ යුරෝපා සංගමය එකඟත්වයට එළඹ ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය පවසයි.මෙය පවතින ගැටළු සම්බන්ධයෙන් වඩාත් ප්‍රායෝගික,ඉලක්කගත හා ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසිවලට අනුකූල පියවරක් බව එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අන්‍යෝන්‍ය ගෞරවය මත දෙපාර්ශ්වය උපදේශන වට කිහිපයක් පවත්වා තිබේ.චීන -යුරෝපා සංගම් සමුළුවේදී එළඹි එකඟතාවන් ක්‍රියාත්මක කිරීම සහ චීන විදුලි වාහන සම්බන්ධ යුරෝපා සංගමයේ සහනාධාර විරෝධී ප්‍රශ්ණය මනා ලෙස විසඳා ගැනීම එම සාකච්ඡාවල අරමුණ විය.ඒ පිළිබඳ ඊයේ (13) යුරෝපා කොමිසම ‍‍මාර්ගෝපදේශයන් නිකුත් කළේය.අවම ආනයනික මිළ,අලෙවි මාර්ග ,අනාගත ආයෝජන යන කරුණු ඊට අයත්ය.මිළ යෝජනාවන් යුරෝපා සංගමය විසින් සමාන නීතිමය රාමුව යටතේ සාධාරණ හා වෙනස් ‍කොට නොසැලකීමේ මූළධර්මය මෙන්ම ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසි මත සලකා බැලෙනු ඇත.

මෙම එකඟතාව චීන සහ යුරෝපා ආර්ථික හා වෙළඳ සබඳතාවන්හී හිතකර සංවර්ධනය සහතික කිරීම පමණක් නොව නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර වෙළඳ පටිපාටියද සුරක්ෂිත කිරීමක් බව චීන වාණිජ අමාත්‍යංශය කියා සිටී. යුරෝපා සංගමය සඳහා වන චීන වාණිජ මණ්ඩලය චීනය හා යුරෝපා සංගමය සංවාද ආකාරයෙන් විදුලි මෝටර් රථ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ දී ලබා ඇති ප්‍රගතිය පිළිබඳ සිය ප්‍රසාදය පළ කර තිබේ.එය වෙළඳ පොළ විශ්වාසය මෙන්ම යුරෝපයේ චීන විදුලි මෝටර් රථ සමාගම්වල ආයෝජන පරිසරයද වර්ධනය කරන බව එම සංගමය කියා සිටී.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here