29.5 C
Colombo
Wednesday, February 25, 2026

එක්සත් ජාතීන්ගේ “අපද්‍රව්‍යවලින් තොර නගර 20” අතරට චීනයේ හංචෞ නගරයත්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

නැගෙනහිර චීනයේ චෙච්‍යං පළාතේ අගනුවර වන හංචෞ, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ මූලිකත්වයෙන් පත් කෙරුණු ශුන්‍ය අපද්‍රව්‍ය පිළිබඳ උපදේශක මණ්ඩලය විසින් “අපද්‍රව්‍යවලින් තොර නගර 20” අතරට තෝරාගෙන ඇති බව එම නගරයේ ජෛව හා පරිසර දෙපාර්තමේන්තුව පවසයි.

මිලියන 12.6කට අධික ජනගහනයකින් යුත් නැගෙනහිර චීනයේ ප්‍රධාන නගරයක් වන, හංචෞහි වාර්ෂික ආර්ථික නිෂ්පාදනය යුවාන් ට්‍රිලියන 2 ඉක්මවයි. නගරයේ ඝන අපද්‍රව්‍ය පුළුල් ලෙස බැහැර කොට සම්පත් උපයෝගිතා පියවර ඵලදායී ලෙස ක්‍රියාත්මක කර ඇත.

මේ අතර, හංචෞ නගරය අපද්‍රව්‍ය වර්ග කිරීම සහ සම්පත් භාවිතය සඳහා “ඩිජිටල් බුද්ධිය” ක්‍රමානුකූලව ඒකාබද්ධ කර ඇත. එමගින් 2021 සිට 2024 දක්වා, හංචෞ හි ගෘහස්ථ අපද්‍රව්‍ය ප්‍රමාණය අඛණ්ඩව අවම වූ අතර, දෛනිකව එක් පුද්ගලයෙකුගෙන් පරිසරය වෙත බැහැර කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය ද කිලෝග්‍රෑම් 1.06 සිට 0.99 දක්වා අඩු විය.

මෙම වසරේ මාර්තු මස 30 වන දින “ජාත්‍යන්තර ශුන්‍ය අපද්‍රව්‍ය දිනය” නිමිත්තෙන් හංචෞ නගරය ලැබූ මෙම සුවිශේෂී ඇගයීම එක්සත් ජාතීන්ගේ වේදිකා හරහා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ ශුන්‍ය අපද්‍රව්‍ය පිළිබඳ උපදේශක මණ්ඩලය නිවේදනය කළේය. තවද එය නගර පරිවර්තනයේ ආදර්ශයක් ලෙස ලොව පුරා සෙසු නගරයන්හිද ප්‍රවර්ධනය කෙරෙන බව පවසා ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here