ඇමරිකාව පසුගිය තුන් වනදා වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් තම රටේ සිවිල් වැසියන් ඇතුළු 100 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව වෙනිසියුලානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Diosdado Cabello මහතා ඊයේ(7) පැවසීය. එම බෝම්බ ප්‍රහාරයන්ගෙන් වෛද්‍ය මධ්‍යස්ථාන හා විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන විනාශ වූ බව ද ඔහු කීය. එමෙන්ම එරට ජනපති ආර්යාව වන Cilia Flores මහත්මියගේ හිසට සහ ජනාධිපති Nicolás MADURO Moros මහතාගේ පාදයකට ද තුවාල සිදුවූ බව ඔහු සඳහන් කළේය.
ඇමරිකාව අසත්‍ය හේතූන් ගෙනහැර දක්වමින් වෙනිසියුලාව ආක්‍රමණය කිරීම දැඩි ලෙස හෙළා දුටු ඔහු, ‘ඇමරිකාව අද වෙනිසියුලාවට කළ මෙම දෙය හෙට දිනයේ ඕනෑම රටකට කළ හැකි’ යැයි ද අනතුරු අඟවා ඇත. ප්‍රචණ්ඩත්වයට වෙනිසියුලාව යටත් නොවන අතර සිය ජනතාව සහ, සියළු ලෝ වැසියන් සමග රට ඉදිරියට ගෙන යමින්, Cilia Flores මහත්මිය සහ Nicolás MADURO Moros ජනාධිපතිවරයා යළි සිය රට වෙත ගෙන්වා ගැනීම වෙනුවෙන් උත්සාහ දරනු ඇතැයි ද වෙනිසියුලානු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

