31.7 C
Colombo
Wednesday, February 25, 2026

ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තයට අදාළ කරුණු ඔවුන් විසින්ම තීරණය කළ යුතුයි– නෝර්ඩික් රටවල්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඩෙන්මාර්කය, ෆින්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය යන නෝර්ඩික් රටවල් පහේ විදේශ අමාත්‍යවරු ඊයේ(6) ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කළහ. එම ප්‍රකාශයේ සඳහන් වූයේ ආක්ටික් කලාපයේ ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සහයෝගීතාව පවත්වා ගැනීමට සිය රටවල් පහ ඒකාබද්ධව කැපවී සිටින බවත් කලාපයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සියලු පියවර ගෙන ඇති බවත්ය.

ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තයට සම්බන්ධ කරුණුවලදී ඔවුන් විසින්ම අදාළ  තීරණ ගත යුතු බව ද එම ප්‍රකාශයෙන් නැවත අවධාරණය කර ඇත. 2025 දී බලයට පත්වීමෙන් පසු, ඇමරිකාවේ ජනාධිපති Donald Trump ග්‍රීන්ලන්තය අත්පත් කර ගන්නා බව අවස්ථා රැසකදී ප්‍රකාශ කර තිබිණ. ඒ සඳහා බලය යෙදවීමේ හැකියාව තිබෙන බව ද ඔහු පැවසීය. ඇමරිකාව මැදිහත් වන අවසාන රට වෙනිසියුලාව නොවිය හැකි බවත්, ඇමරිකාවට ග්‍රීන්ලන්තය අත්‍යවශ්‍ය බවත් පසුගිය 4 වැනිදා Trump ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here