චීන-දකුණු කොරියානු උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය තවදුරටත් ප්‍රවර්ධනය කෙරෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශය පවසයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද(5) පැවති මාධ්‍ය හමුවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ චීන සංචාරයට අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේ ය.
චීනය සහ දකුණු කොරියාව සමීප අසල්වැසියන් සහ හවුල්කරුවන් බව ඔහු පැවසීය. දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික මඟ පෙන්වීම යටතේ, මෙම සංචාරය මගින් චීන-දකුණු කොරියානු උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට බලාපොරොත්තු වන බව Lin Jian මහතා එහිදී සඳහන් කළේ ය.

