31.7 C
Colombo
Wednesday, February 25, 2026

චීන ජනපති හා රුසියානු ජනපති නව වසර වෙනුවෙන් සුබ පැතුම් හුවමාරු කර ගනිති

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා එළඹෙන නව වසර වෙනුවෙන් අද(31) සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගෙන තිබේ.

චීන රජය සහ ජනතාව වෙනුවෙන් ෂී ජින්පිං ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවිඩයෙන් ජනාධිපති පුටින් මහතාට සහ රුසියානු ජනතාවට අවංක සුබ පැතුම් සහ සුන්දර ප්‍රාර්ථනා පිරිනැමීය. 2025 වසරේදී ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ, සෝවියට් සංගමයේ මහා දේශප්‍රේමී යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය චීනය සහ රුසියාව උත්කර්ෂවත්ව සැමරූ බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය. තමා සහ පුටින් ජනාධිපතිවරයා බෙයිජිංහිදී සහ මොස්කව්හිදී දෙවරක් හමුවූ බව ඔහු සිහිපත් කළේය. ගෝලීය කළමනාකරණයේ ප්‍රතිසංස්කරණයට ප්‍රඥාව සහ ශක්තිය දායක කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු බහුපාර්ශ්වික රාමු තුළ රටවල් දෙක එකිනෙකාට සහයෝගය දැක්වූ බව ද ඔහු කීය.

2026 වසර චීන-රුසියා උපායමාර්ගික සහයෝගතා හවුල්කාරිත්වය ස්ථාපිත කිරීමේ 30 වන සංවත්සරය සහ ‘චීන-රුසියා යහපත් අසල්වැසිභාවය සහ මිත්‍රශීලී සහයෝගීතා පිළිබඳ ගිවිසුම’ අත්සන් කිරීමේ 25 වන සංවත්සරය සනිටුහන් කරන බව ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නේය. 2026 සහ 2027 යන වසර දෙකේදී “චීන-රුසියා අධ්‍යාපන වර්ෂය” යන ක්‍රියාකාරමකද පැවැත්වෙනු ඇත. නව යුගයේ චීන-රුසියා සබඳතාව නව ප්‍රතිඵල අත්කර ගැනීම වෙනුවෙන් මෙහෙයැවීම සඳහා ජනාධිපති පුටින් මහතා සමඟ සමීප හුවමාරු පවත්වා ගැනීමට තමා  කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් පණිවිඩයෙන් ප්‍රකාශ කළේය.

නව වසර වෙනුවෙන් ෂී ජින්පිං ජනාධිපතිවරයාට හෘදයාංගම සුබ පැතුම් පිරිනමන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ. පසුගිය වසරක් තුළ නව යුගයේ රුසියානු-චීන විස්තීර්ණ උපායමාර්ගික සහයෝගතා හවුල්කාරිත්වය සංවර්ධනයේ යහපත් ගම්‍යතාවයක් පවත්වා ගෙන ගිය අතර එය ඵලදායී ප්‍රතිඵල අත්කර ගත් බව ඔහු සඳහන් කළේය. ද්විපාර්ශ්වික සබඳතාව සහ ප්‍රධාන ජාත්‍යන්තර කරුණු සම්බන්ධයෙන් ජනාධිපති ෂී ජින්පිං මහතා සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට කැමති බව ද රුසියානු ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර චීන අගමැති ලි ච්‍යං මහතා සහ රුසියානු අගමැති Mikhail Vladimirovich Mishustin මහතා ද නව වස‍ර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගෙන ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here