චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුව අද(31) උදෑසන ජාතික දේශපාලන උපදේශක ශ්‍රවණාගාරයේ දී නව වසර පිළිගැනීම වෙනුවෙන් තේ පැන් සාදයක් පැවැත්විය.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ අග්‍රාමාත්‍ය ලී ජ්‍යං මහතා ඇතුළු චීන කොමියුනිස්‍ට් පක්ෂයේ හා රජයේ නායකයෝ, විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල සහ ජාතික කර්මාන්ත හා වාණිජ සංගමයේ ප්‍රධානීහූ, නිර්පාක්ෂික නියෝජිතයෝ, මධ්‍යම කාරක සභාවේ හා රාජ්‍ය ආයතනවල අදාළ අංශ භාරව සිටින පුද්ගලයෝ සහ බෙයිජිං නුවර විවිධ ජනවාර්ගික හා ඒ ඒ ක්ෂේත්‍රවල නියෝජිතයෝ ඊට එක් වෙමින් 2026 වසර පිළිගැනීම එක්ව සැමරූහ.

