31.7 C
Colombo
Wednesday, February 25, 2026

චීන මධ්‍යම රජයේ ග්‍රාමීය කටයුතු පිළිබඳ සමුළුව පැවැත්වේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

 චීන මධ්‍යම රජයේ ග්‍රාමීය කටයුතු පිළිබඳ සමුළුව පැවැත්වේ. ඊයේ (29) සහ අද (30) යන දෙදින එම සමුළුව බෙයිජිං හිදී පැවැත්විණ. පසුගියදා පැවති මධ්‍යම රජයේ ආර්ථික කාර්ය සමුළුවේ ජීවගුණය ක්‍රියාවට නංවාලීම, වත්මන් කාලයේ “කෘෂිකර්මය, ගම්මාන හා ගොවීන්”පිළිබඳ කටයුතු මුහුණ දී සිටින තත්ත්වයන් හා අභියෝග විශ්ලේෂණය කිරීම සහ 2026 වසරේ එම කටයුතු සිදු කිරීමේ ක්‍රමවේද සම්බන්ධව එහිදී සාකච්ඡා කෙරිණ.

සමුළුව පැවැත්වීමට පෙර චීන ජනාධිපති ෂී ජින් පිං මහතා“කෘෂිකර්මය, ගම්මාන හා ගොවීන්”පිළිබඳ කටයුතු ‍සඳහා උපදෙස් ලබාදී තිබේ. චීනයේ 15වැනි පස්අවුරුදු සැලැස්ම ආරම්භ කරන 2026 වසරේ “කෘෂිකර්මය, ගම්මාන හා ගොවීන්”පිළිබඳ කටයුතු මැනවින් සිදුකිරීම ඉතා වැදගත් බව හෙතෙම කියාසිටී. නව යුගයේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනය මූලික කරගෙන ග්‍රාමීය නවීකරණය ඉලක්ක කරගනිමින් ග්‍රාමීය පුනර්ජීවනය පූර්ණ වශයෙන් ඉදිරියට ගෙන යා යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

චීන ජනාධිපතිවරයාගේ එම උපදෙස් සමුළුවේදී අධ්‍යයනයට ලක් කෙරිණ. එසේ ම ග්‍රාමීය නවීකරණය හා ග්‍රාමීය පුනිර්ජීවනය පූර්ණ වශයෙන් ඉදිරියට ගෙන යාම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සහ චීන රාජ්‍ය මණ්ඩලයයේ අදහස් සම්බන්ධයෙන් ද සමුළුවේදී සාකච්ඡාවට ගැනිණ. “කෘෂිකර්මය, ගම්මාන හා ගොවීන්”පිළිබඳ කටයුතුවලදී චීන කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ නායකත්වය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සහ විවිධ මට්ටමේ බලධාරීන් අදාළ කටයුතු සිදු කිරීමේදී තිබිය යුතු ඵලදායීතාව ද චීන මධ්‍යම රජයේ ග්‍රාමීය කටයුතු පිළිබඳ සමුළුවෙන් අවධාරණය කර තිබේ.

 

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here