2025 වසර, චීනයේ 14 වන පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ අවසාන වසර සහ 15 වන පස් අවුරුදු සැලැස්ම සම්පාදනය කිරීමේ වසරයි. මේ අතර මෙම වසර චීනය ප්‍රතිසංස්කරණ තවදුරටත් පුළුල් කරමින් චීන මාදිලියේ නවීකරණයේ ස්ථාවර හා දිගුකාලීන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සිදු කළ තීරණාත්මක වසරකි.
මෙම වසරේදී, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, ජනතාව කෙරෙහි සිය හෘදයාංගම බවින් යුතුව සංවර්ධන කටයුතු කෙරෙහි අවධානය යොමු කරමින්, ඔහුගේ නොපසුබට උත්සාහය අඛණ්ඩව පෙන්නුම් කර ඇත.

