‘චීන දේශගුණ සම්පත් ආර්ථිකමය පරිවර්තනය පිළිබඳ පර්යේෂණ වාර්තාව(2025)’ නිකුත් කෙරේ. මෙය, චීනයේ අදාළ ක්ෂේත්‍රයේ ප්‍රථම දේශගුණ සම්පත් පිළිබඳ ආර්ථික නිල් පත්‍රිකාව වීම විශේෂත්වයකි. එමගින් දේශගුණ සම්පත්, ආර්ථික ක්ෂේත්‍රය සඳහා වන භාවිතය පිළිබඳ චීනයේ වත්මන් තත්ත්වය පෙන්නුම් කෙරේ. චීන කාලගුණ විද්‍යා පරිපාලනය ඊයේ(25) එය එළි දැක්වීය.
ගෝලීය දේශගුණ විපර්යාසය උග්‍ර වීමත් සමග, දේශගුණ සම්පත්, ආර්ථික හා සමාජයේ තිරසර සංවර්ධනය තහවුරු කිරීමේ කේන්ද්‍රීය සාධකයෙක් බවට පත් ව ඇත. එම නිල් පත්‍රිකාව, කෘෂිකර්මාන්තය, බලශක්තිය, සංචාරය, සෞඛ්‍යය සහ යහපැවැත්ම, අඩු-කාබන් යන විවිධ ක්ෂේත්‍ර වෙත අවධානය යොමු කරමින් පර්යේෂණ, රජයේ තීන්දු තීරණ, අදාළ ක්ෂේත්‍රයන් හි නව්‍යකරණය සහ දේශගුණ පාලනය සඳහා විද්‍යාත්මක පිටුබලයක් සැපයීම කැපී පෙනේ.

