31.1 C
Colombo
Wednesday, February 25, 2026

ඊශ්‍රායලයේ බටහිර ඉවුරේ ජනාවාස සැලැස්මට රටවල් 14ක විරෝධය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඊශ්‍රායලය අත්පත් කර ගෙන ඇති බටහිර ඉවුරේ නව ජනාවාස 19ක් ස්ථාපිත කිරීමට ඊශ්‍රායලය ගත් තීරණය දැඩි ලෙස හෙළා දකිමින් රටවල් 14කින් සමන්විත පොදු කණ්ඩායමක් ඊයේ(24) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. එම තීරණය ජාත්‍යන්තර නීතිවලට අනුකූල නොවන බවටද එම නිවේදනයෙන් අනතුරු අඟවා ඇත.

ප්‍රංශ විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ජපානය, මෝල්ටාව, නෙදර්ලන්තය, නෝර්වේ, ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යය මෙම ඒකාබද්ධ නිවේදනයට අත්සන් තබා තිබේ.

මෙවැනි ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලින් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම පමණක් නොව අස්ථාවරත්වය ඇති කිරීමේ අවදානමක් මතු වන බව එහිදී සඳහන් විය. ගාසා සාම සැලැස්ම ක්‍රියාත්මක කිරීම අවහිර කිරීමේ අවදානමක් මෙන්ම කලාපය පුරා දිගුකාලීන සාමය හා ආරක්ෂාව සඳහා ඇති අපේක්ෂාවන්ට හානි කිරීමේ අවදානමක් මෙම ජනාවාස ව්‍යාප්ත කිරීමේ දී ඇති බව ද අවධාරණය කෙරිණ.

පලස්තීනයේ ස්වයං තීරණ ගැනීමේ අයිතියට පූර්ණ සහයෝගය දක්වන බව ද  මෙම කණ්ඩායම සහතික වී ඇත. එමෙන්ම ද්වි-රාජ්‍ය විසඳුම හැර වෙනත් විකල්පයක් නොමැති බව ද  මෙම නිවේදනයෙන් යළි තහවුරු කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here