31.1 C
Colombo
Wednesday, February 25, 2026

චීන මාධ්‍ය සමූහය 2025 වසරේ ප්‍රධාන දෙස් විදෙස් මූල්‍ය හා ආර්ථික ප්‍රවෘත්ති දහයේ ලැයිස්තුව නිකුත් කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීන මාධ්‍ය සමූහය 2025 වසරේ ප්‍රධාන දෙස් විදෙස් මූල්‍ය හා ආර්ථික ප්‍රවෘත්ති දහයේ ලැයිස්තුව නිකුත් කරයි.

චීන දේශීය පුවත් පිළිබඳ, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන මධ්‍යම කාරක සභාවේ සිව්වන පූර්ණ සැසියේ “15 වන පස් අවුරුදු සැලැස්ම” ඉදිරිපත් කිරීම ‍ඉන් ඇතුළත් වේ.

2025 වසරේ චීනයේ මුළු ආර්ථික නිෂ්පාදනය යුවාන් ට්‍රිලියන 140 ක් පමණ වීම ද ඊට අයත් වෙයි.

DeepSeek, මානවරූපී රොබෝවරු සහ අනෙකුත් කර්මාන්ත පර්යේෂණ සහ යෙදුම් ගෝලීය වශයෙන් පෙරමුණට පැමිණ තිබේ.

Hainan පළාතේ නිදහස් වෙළඳ වරායේ විශේෂ රේගු මෙහෙයුමක් නිල වශයෙන් ආරම්භ වීමද ඊට අයත් වන අතර හුවමාරු වැඩසටහන් යන නව ව්‍යාපාර ආකෘති සහ නව පරිසරය දේශීය ඉල්ලුම පුළුල් කිරීම සඳහා නව ධාවකයන් බවට පත්වේ.

බහුවිධ කර්මාන්ත හරහා අසාධාරණ තරඟකාරිත්වයට එරෙහිව මාර්ග ගත වේදිකා අතර මිල තරඟය සඳහා රතු රේඛාවක් සැකසීමද එම පුවත් 10‍ට අයත් වෙයි.

ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය සහ වැඩිහිටි සත්කාර සේවා සඳහා සහනාධාර ඇතුළු ප්‍රතිපත්ති ගණනාවක් හඳුන්වා දී ඇත.

චීනයේ වාර්ෂික බොක්ස් ඔෆිස් ආදායම යුවාන් බිලියන 50 ඉක්මවීමේ පුවතද ඊට අයත් වන අතර ආයතනික පරිසර පද්ධතිය ප්‍රශස්ත කිරීම චීන වත්කම්වල ආකර්ශනීය බව වැඩි දියුණු කරයි.

චීනයේ බලශක්ති සංක්‍රාන්තිය ගෝලීය හරිත සංවර්ධනයට මග පාදයි.

විදේශීය පුවත් අතරින් ගෝලීය ආර්ථික වර්ධනයට චීනයේ දායකත්වය 30% ක් පමණ වන අතර, එය ලෝක ආර්ථිකය සඳහා ගාමක බලවේගයක් සහ ස්ථාවර නැංගුරමක් බවට පත්ව ඇතැයි යන පුවත ද ඇතුළත්ය.

ඇමරිකානු තීරුබදු ප්‍රතිපත්තියට එරෙහිව අන්‍යෝන්‍ය ප්‍රති-පියවර ක්‍රියාත්මක කර වාසිදායක සාකච්ඡා ප්‍රතිඵල අත්කර ගත් එකම රට චීනය බව සඳහන් පුවතද ඊට අයත් වෙයි.

ශැංහයි සහයෝගිතා සංවිධානය පිහිටුවීමෙන් පසු විශාලතම පරිමාණයේ නායක සමුළුව චීනයේ ටයැන්ජින් නගරයේ පැවැත්විණ. චීනය ගෝලීය පාලන මුලපිරීම් ක්‍රියාත්මක කිරීම අඛණ්ඩව ප්‍රවර්ධනය  කරයි.

චීනය සහ යුරෝපා සංගමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය තුළ ද්විපාර්ශ්වික වෙළඳාම 300 ගුණයකට වඩා වැඩි වී තිබීමේ පුවත ද එම ලැයිස්තුවට අයත් වෙයි.

“2025 ගෝලීය නවෝත්පාදන දර්ශක වාර්තාවේ” චීනය ප්‍රථම වරට ගෝලීය වශයෙන් ඉහළම දස දෙනා අතරට ඇතුළත් වීම මෙන්ම චීනයේ වීසා රහිත ප්‍රතිපත්ති විෂය පථය අඛණ්ඩව පුළුල්වීම ද ඊට අයත් වෙයි.

ජාත්‍යන්තර රන් මිල ගණන් නැවත නැවතත් වාර්තාගත ඉහළම මට්ටම් කරා ළඟා වී තිබේ.

කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ ගෝලීය තරඟකාරිත්වය තීව්‍ර වීම හා ඇමරිකානු ෆෙඩරල් රජය වාර්තාගතව දින 43ක් අකර්මණ්‍ය වීම මෙන්ම “බ්‍රික්ස් සහයෝගීතාව” ගෝලීය දකුණ පොදුවේ ඉදිරියට ගෙන යාම ප්‍රවර්ධනය කිරීමද ඊට අයත් වෙයි

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here