31.1 C
Colombo
Wednesday, February 25, 2026

චීනයේ රජය සතු ව්‍යවසායන් ස්ථාවර වර්ධනයක

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2025 වසරේ චීනයේ රජය සතු ව්‍යවසායන්හි වර්ධනයේ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව පසුගියදා පැවති එම ව්‍යවසායන්හි ප්‍රධානීන්ගේ රැස්වීමකදී සඳහන් විය.

ගෙවී ගිය මාස 11ක කාලය තුළ චීන මධ්‍යම රජය සතු ව්‍යවසායන් තම ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා විශේෂ පියවර ක්‍රියාත්මක කොට එහි එකතු කළ අගය යුවාන් ට්‍රිලියන 9.5ක් දක්වා ඉහළ නංවා ගෙන ඇත. එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට වඩා 1.4%ක වැඩිවීමකි.

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා, චීන රජය සතු ව්‍යවසායන්හි වාර්ෂිකව සමස්ත ශ්‍රම ඵලදායිතාව, මෙහෙයුම් ආදායම් සඳහා ලාභ ආන්තිකය සහ වාර්ෂික ශුද්ධ වත්කම් මත ප්‍රතිලාභ යන සියල්ල සාධනීය මට්ටම්වල පැවතුනි. එසේම එම ව්‍යවසායන් ස්වයං-නවෝත්පාදනයන් සඳහා ඔවුන්ගේ උත්සාහයන් වැඩි කර ඇත.

චීන 14වැනි පස් අවුරුදු සැලසුම් කාලය තුළ, චීන රජය සතු ව්‍යවසායන්හි මුළු වත්කම් සැලකිය යුතු ලෙස වැඩි වී ඇති අතර, ඒවායේ පරිමාණය, වටිනාකම් නිර්මාණය කිරීමේ හැකියාවන් සහ වෙළඳ නාමවල බලපෑම යන සියල්ලම කැපී පෙනෙන ලෙස වැඩිදියුණු වී ඇත. එමෙන්ම එම ව්‍යවසායන් තම පර්යේෂණ හා සංවර්ධන වියදම් විශාල වශයෙන් වැඩි කර ඇත. මේ අතර එහි නව ගුණාත්මක ඵලදායිතාව වේගවත්ව වර්ධනය වීම ද විශේෂත්වයකි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here