ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශය අවිකරණය කිරීමේ උත්සාහයට චීනය දැඩි විරෝධය පළ කරයි.
ඇමරිකාව “2026 මූල්‍ය වර්ෂය සඳහා වන ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතට” තායිවාන ප්‍රදේශයට අදාළ වැරදි අන්තර්ගතයන් ඇතුළත් කිරීමේ පියවර තායිවාන ප්‍රදේශය අවිකරණය කිරීමේ උත්සාහයක් සහ චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක පෙන් චින් එන් මහතා අද (24) පැවසීය. එලෙසින් ‘තායිවාන බෙදුම්වාදීන්’ට වැරදි සංඥාවක් යැවීමේ ක්‍රියාවලියට චීනය තරයේ විරුද්ධ වන බව ඔහු අවධාරණය කර ඇත.
එමෙන්ම එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ නිවේදන තුන දැඩිව අනුගමනය කරන ලෙස චීනය ඇමරිකාවෙන් ඉල්ලා සිටී. තවද ඇමරිකාවේ 2026 මූල්‍ය වර්ෂය සඳහා වන ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනතෙහි සඳහන් පරිදි තායිවාන ප්‍රදේශයට අදාළව ඇමරිකාව කිසිවක් ක්‍රියාත්මක නොකළ යුතු අතර ඇමරිකාව දැනටමත් සිදුකර ඇති අහිතකර විපාක ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුය. චීනයේ තායිවාන ප්‍රදේශය සම්බන්ධයෙන් ඇමරිකාව ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව ඔහු කියා සිටියේය.
එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය ඇමරිකාව මත යැපෙමින් ‘තායිවාන ස්වාධීනත්වය’ වෙනුවෙන් කෙතරම් උත්සාහ ගත්ත ද, එය අනිවාර්යයෙන් පරාජය වන බව ද එම පක්ෂ බලධාරීන්ට අනතුරු අඟවමින් පෙන් චින් එන් මහතා මෙහිදී පවසා ඇත.

