31.1 C
Colombo
Wednesday, February 25, 2026

ජපානයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරය යළි ආරම්භ කිරීම පිළිබඳ එරට ජනතාවගෙන් දැඩි විරෝධය

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ජපානයේ  Niigata ප්‍රාන්ත සභාව ඊයේ(22) අතිරේක අයවැය පිළිබඳ තීරණය අනුමත කරමින් ජපානයේ විශාලතම න්‍යෂ්ටික විදුලි බලාගාරය වන Kashiwazaki-Kariwa බලාගාරය යළි ආරම්භ කිරීමට තීරණය කෙරිණ. ඒ සම්බන්ධයෙන් එරට විශාල පිරිසක් දැඩි විරෝධය එල්ල කර ඇත.

Niigata පුවත්පතේ වාර්තාවකට අනුව, ඊයේ පැවති එම ප්‍රාන්ත සභා රැස්වීමට න්‍යෂ්ටික විදුලි බලාගාරය යළි ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් 300ක පමණ පිරිසක් එක්ව සිටියහ.

ජපානයේ Kyodo ප්‍රවෘත්ති ඒජන්සියේ වාර්තාවට අනුව, රැස්වීම අතරතුර න්‍යෂ්ටික විදුලි බලාගාරය යළි ආරම්භ කිරීමට විරෝධය පළ කළ ප්‍රාන්ත සභාවේ සාමාජිකයෙකු Niigata ආණ්ඩුකාරවරයාට චෝදනා කරමින් “ප්‍රාන්තයේ වැසියන්ගේ හඬ නොසලකා ඔවුන්ගේ විශ්වාසය පාවා දුන්” බව ප්‍රකාශ කළේය. එමෙන්ම රැස්වීම ආරම්භ වීමට පෙර, න්‍යෂ්ටික බලාගාරය යළි ආරම්භ කිරීමේ යෝජනාව අනුමත කිරීම වැළැක්වීමට ප්‍රාන්ත රජයේ ගොඩනැගිල්ල ඉදිරිපිට විශාල පිරිසක් රැස්ව සිටියහ.

ඊට අමතරව, පසුගිය ඔක්තෝම්බර් මාසයේදී Niigata ප්‍රාන්තයේ සිදු කළ ජනමත විමසුමකට අනුව, සියයට 60ක පමණ පිරිසක් පැවසුවේ න්‍යෂ්ටික විදුලි බලාගාරය යළි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය  කොන්දේසි තවමත් සපුරා නොමැති බවය. එමෙන්ම සියයට 70ක් පමණ ජනතාව න්‍යෂ්ටික විදුලි බලාගාරයේ ක්‍රියාකරුවකු වන ටෝකියෝ විදුලි බල සමාගම කෙරෙහි විශ්වාසයක් නොමැති බවද සඳහන් කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here