31.1 C
Colombo
Wednesday, February 25, 2026

2025 වසරේ චීන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයග්‍රහණ සමාලෝචනය කරයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

2025 වසරේ චීන ක්‍රීඩා ක්ෂේත්‍රය ලබා ඇති ජයග්‍රහණ සමාලෝචනය තේමා කරගනිමින් චීන මාධ්‍ය සමූහය විශේෂ උත්සවයක් පවත්වයි. ඊයේ (22) රාත්‍රී බෙයිජිං හි පිහිටි ජාතික පිහිනුම් මධ්‍යස්ථානයේදී පැවති එම උත්සවය සඳහා චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් ශෙන් හයි ශියොං, චීන ජාතික ක්‍රීඩා මහා පරිපාලනයේ අධ්‍යක්ෂ ගාඕ ත්සේ දන්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විධායක මණ්ඩල සාමාජිකා ලි ලින් වෙයි, ශීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී චීනය වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගත් ක්‍රීඩිකා යං යං ඇතුළු මහත්ම මහත්මීන් ඊට එක් විය.2025 වසරේ චීන ක්‍රීඩා ක්ෂේත්‍රය තීරණාත්මක ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත. උත්සවයේදී චීන පළපුරුදු සහ නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්රැස් වී සංවාද , සම්මුඛ සාකච්ඡා හා ප්‍රසංග මගින් එම ජයග්‍රහණ සමාලෝචනය කළේ ය. උත්සවය වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Kirsty Coventry‌ මහත්මිය වීඩියෝ මාර්ගයෙන් සුබ පැතුම් පණිවිඩයක් ද යොමු කළා ය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here