චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා මෑතකදී රාජ්‍ය සතු ව්‍යවසායන්හි කටයුතු පිළිබඳ වැදගත් උපදෙස් ලබා දී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයේ ආරම්භයේ සිට, රාජ්‍ය සතු ව්‍යවසායන්, පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණ සහ සැලසුම් ක්‍රියාත්මක කරමින් ජාතික උපාය මාර්ගවලට ක්‍රියාකාරීව සේවය කර ඇති අතර, එය ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය සේ මහඟු කාර්යභාරයක් ඉටු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
නව ගමනේදී, රාජ්‍ය සතු ව්‍යවසායන් පක්ෂයේ සහ රටේ සමස්තය සඳහාත්, උසස් තත්ත්වයේ ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහාත් ජනතාවගේ ජීවනෝපායන් යහපත් කිරීම සඳහාත් මනා ලෙස සේවා සපයමින් චීන මාදිලියේ නවීකරණයට වඩා වැඩි ශක්තියක් දායක කළ යුතු බව ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.
රාජ්‍ය සතු ආර්ථිකයේ විහිදීම අඛණ්ඩව ප්‍රශස්ත කර ගනිමින් සිය මූලික තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට වෑයම් කළ යුතු බව ද ඔහු කීය. සැබෑ ආර්ථිකය මත පදනම්ව, ප්‍රධාන තාක්ෂණ අභියෝගයන්ට මුහුණ දෙමින් විද්‍යා තාක්ෂණික හා කාර්මික නවෝත්පාදනයන් අතර ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කළ යුතුය.
ලොව ප්‍රමුඛ ව්‍යවසායන් ගොඩනගා ගැනීම සඳහා, චීන ලක්ෂණ සහිත නවීන ව්‍යවසාය පද්ධතිය වැඩිදියුණු කරමින් ව්‍යවසාය සංවර්ධනය සීමා කෙරෙන කැපීපෙනෙන ගැටලු විසඳීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද ෂී ජින්පිං මහතා සඳහන් කර ඇත.
රාජ්‍ය සතු ව්‍යවසායන්හි චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය තහවුරු කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කළේය. පක්ෂ නායකත්වය ව්‍යවසායන්හි කළමනාකරණයේ සියලු අංශවලට ඒකාබද්ධ කිරීම මෙන්ම, පක්ෂයේ සංවර්ධන කටයුතු, නිෂ්පාදනය සහ ව්‍යාපාරික කටයුතු සමඟ ඒකාබද්ධතාවය ද ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින්පිං මහතා පැවසීය.
රාජ්‍ය සතු ව්‍යවසායන්හි ප්‍රධානීන්ගේ රැස්වීමක් දෙසැම්බර් මස 22 සිට 23 දක්වා බෙයිජිංහිදී පැවැත්විණ. එහිදී ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ වැදගත් උපදෙස් ලබා දෙන ලදි.

