ඇමරිකාව වෙනිසියුලාවේ වෙරළ ආසන්නයේ ගමන් කරන තෙවන තෙල් ටැංකියත් “ලුහුබැඳීමට” ක්‍රියාත්මක වී ඇතැයි ඇමරිකානු ප්‍රවෘත්ති ආයතන ඊයේ(21) වාර්තා කළේය.
ඇමරිකානු නිලධාරියෙක් NBC ප්‍රවෘත්ති සේවයට පැවසුවේ ව්‍යාජ ධජයක් සහිතව වෙනිසියුලාවේ සම්බාධකවලට යටත් තහනම් ඉන්ධන නෞකාවක් ගමන් කරන බවත් ඇමරිකානු වෙරළාරක්ෂක බලකාය එය අධිකරණ නියෝගයන්ට අනුව අත් කර ගැනීමට ක්‍රියා කරන බවත්ය.
“බෙලා 1” ලෙස හැඳින්වෙන නෞකාව භාණ්ඩ පැටවීම සඳහා වෙනිසියුලාවට යන අතර මග ඇමරිකානු නිලධාරීන් විසින් හඳුනාගෙන ලුහුබඳිමින් සිටි බව Bloomberg ප්‍රවෘත්ති සේවය ඉරිදා දින වාර්තා කර තිබිණ.
එය අත් කර ගතහොත් සති දෙකකට අඩු කාලයක් තුළ ඇමරිකාව විසින් හසුකර ගන්නා තෙල්වලින් පොහොසත් දකුණු ඇමරිකානු ජාතියට සම්බන්ධ තුන්වන තෙල් ටැංකිය මෙය වනු ඇත.
වොෂින්ටනය ලතින් ඇමරිකාවේ පාලන තන්ත්‍රයේ වෙනසක් සහ යුද ව්‍යාප්තියක් අපේක්ෂා කරන බවට චෝදනා කරන වෙනිසියුලාව තෙල් ටැංකිවලට බාධා කිරීම “කොල්ලකෑමක්” ලෙස හෙළා දැක තිබේ.

