31.1 C
Colombo
Wednesday, February 25, 2026

රුසියානු-යුක්රේක ගැටුම පිළිබඳ සාකච්ඡා කිහිපයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

රුසියානු-යුක්රේන ගැටුම අවසන් කිරීම අරමුණු කරගත් “සාම සැලැස්මක්” පිළිබඳව බහු පාර්ශ්ව සාකච්ඡා කිහිපයක් පවත්වා ඇත. එම සැලැස්ම පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීම සඳහා ඊයේ(21) ඇමරිකාවේ ෆ්ලොරිඩා ජනපදයේදී ඇමරිකාව, රුසියාව සහ යුක්රේනය සමඟ වෙන වෙනම සාකච්ඡා පවත්වා තිබේ.

රුසියානු විදේශ ආයෝජන සහ ආර්ථික සහයෝගීතා පිළිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත Kirill Dmitriev මහතා ඊයේ(21) රුසියානු-යුක්රේන ගැටුම විසඳීම සඳහා ඇමරිකානු පාර්ශ්වය සමඟ සාකච්ඡාවක් පැවැත්වීය. සාකච්ඡාවෙන් අනතුරුව, ඔහු පැවසුවේ, ඇමරිකානු පාර්ශ්වය සමඟ සාකච්ඡා “සුමටව” පැවති බවයි. සාකච්ඡා පිළිබඳ වැඩිදුර තොරතුරු හෙතෙම හෙළිකර නොමැත.

එදිනම ඇමරිකානු ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත Steve Witkoff මහතා යුක්රේන නියෝජිත පිරිස සමඟ සාකච්ඡාවක් පවත්වා තිබේ. ෆ්ලොරිඩාවේ දී ඇමරිකාව සහ යුක්රේන නියෝජිතයින් “ඵලදායී හා සංවර්ධනත්මක” සාකච්ඡා මාලාවක් පැවැත්වූ බව ඔහු සඳහන් කළේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here