31.1 C
Colombo
Wednesday, February 25, 2026

නව යුගයේ චීනයේ අවි පාලනය පිළිබඳ ධවල පත්‍රිකාව ‍ජගත් ප්‍රජාවේ පැසසුමට

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

‘නව යුගයේ චීනයේ අවි පාලනය, නිරායුධකරණ සහ අවි ව්‍යාප්තිය වැළැක්වීම’ නමැති ධවල පත්‍රිකාවෙන් චීනයේ කැපවීම සහ වගකීම පෙන්නුම් කෙරේ.

මෙම ධවල පත්‍රිකාව පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ හමුවක් ඊයේ (17) ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී පැවැත්විණ. ජිනීවාහි චීන ස්ථාවර නියෝජිත මණ්ඩලය විසින් පවත්වනු ලැබූ මෙම හමුවේදී අදහස් දක්වමින් චීන නිරායුධකරණ කොමිසමේ තානාපති Shen Jian මහතා විසින් අදාළ ධවල පත්‍රිකාවේ ප්‍රධාන අන්තර්ගතය හා වැදගත්කම හඳුන්වා දෙනු ලැබීය.

ජිනීවාහි විවිධ රටවල ස්ථාවර නියෝජිතයින්, නිරායුධකරණ ක්ෂේත්‍රයේ තානාපතිවරුන්, බුද්ධි මණ්ඩල නියෝජිතයින් සහ විද්වතුන් ඇතුළු 100කට අධික පිරිසක් ඊ‍ට සහභාගී වූහ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවීමේ 80 වන සංවත්සරය සැමරෙන මෙම ඓතිහාසික අවස්ථාවේදී චීනය විසින් අවි පාලනය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කිරීම ඉතා වැදගත් බව Shen Jian මහතා එහිදී පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර අවි පාලන ක්‍රියාවලියට සහභාගි වීමේදී චීනයේ ධනාත්මක උත්සාහයන්, ප්‍රායෝගික පියවර සහ කැපීපෙනෙන ජයග්‍රහණ මෙම ධවල පත්‍රිකාව හරහා පුළුල් ලෙස හඳුන්වා දෙයි. ගෝලීය ආරක්ෂක පාලනය සක්‍රියව මෙහෙයවා ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේදී චීනයේ වගකීම සහ කැපවීම ඉන් පෙන්නුම් කෙරෙන බව ඔහු කියා සිටියේය.

චීනයේ ආරක්ෂක සංකල්ප සහ ප්‍රතිපත්ති අවබෝධ කරගැනීමට මෙම ධවල පත්‍රිකාව උපකාරී වන බව පවසමින් එම හමුවට සහභාගිවූවන් එය අගය කර ඇත. බහුපාර්ශ්වික අවි පාලන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමේදී චීනය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔවුහු වැඩිදුරටත් පැවසූහ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here