31.1 C
Colombo
Wednesday, February 25, 2026

යුක්‍රේන ගැටුම නිම කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට ඇමරිකා සහ රුසියා සාකච්ඡා නියෝජිතයෝ ඇමරිකාවේදී හමුවීමට සූදානම් වෙති

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

සිව් වසරක් පුරා පවතින යුක්‍රේන ගැටුම නිම කිරීම සඳහා සාම ගිවිසුමකට එළඹීමේ අරමු‍ණෙන් සාකච්ඡා පැවැත්වීමට ඇමරිකා සහ රුසියා සාකච්ඡා නියෝජිතයෝ මියාමි හිදී හමුවීමට සූදානම් වෙති.

මෙම සති අන්තයේ එම හමුව  සිදුවනු ඇති බව ඇමරිකා මාධ්‍ය වාර්තා කර තිබේ.

හමුවීමේ දින තවමත් නිශ්චිත නොවන අතර එම හමුව සිදුවුවහොත් ට්‍රම්ප් පරිපාලනය විසින් ඇමරිකාව, යුක්‍රේනය හා යුරෝපා සංගමය අතර පැවැත්වෙන සාකච්ඡාවන්හී නවතම තත්ත්වයන් රුසියානු පාර්ශ්වයට දැනුම් දෙනු ඇත.

ඇමරිකානු ජනාධිපති විශේෂ නියෝජිත Steve Witkoff සහ ඩොනර්ඩ් ට්‍රම්ප් මහතාගේ බෑණනුවන් වන Jared Kushner ඇමරිකානු පාර්ශ්වය නියෝජනය කරනු ඇති අතර රුසියානු පාර්ශ්වයට ව්ලැඩ්මීර් පුටින් මහතාගේ විශේෂ නියෝජිත Kirill Dmitriev ඇතුළත් වනු ඇතැයි ද එම වාර්තා පවසයි.

ඒ අතරම යුක්‍රේන ජාතිකාරක්ෂක උපදේශක Rustem Umerov හා ඇමරිකානු නියෝජිතයන් අතර හමුවක් මියාමි හෝ ඇමරිකාවේ වෙනත් ස්ථානයකදී  මෙම සති අන්තයේදීම සිදුවනු ඇතැයි ද සදහන් වෙයි. යළි ගැටුම් ඇතිවීම වැළක්වීම සඳහා බටහිර ආරක්ෂක සහතිකයක් ලැබෙන්නේ නම් නේටෝ සංවිධානයට එක්වීමට තමන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම අත්හිටුවන බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here