ජපාන දක්ෂිණාංෂික බලවේගයන්ට සිය ආක්‍රණමශීලීත්වය හා මිලිටරිවාදය යළි පණ ගැන්වීමට කිසිදු ඉඩක් නොදෙන බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
හෙටට(13) යෙදෙන Nanjing සංහාරයේ වින්දිතයන් සඳහා වූ 12 වන ජාතික අනුස්මරණ දිනය සම්බන්ධයෙන් නැගුණු පැනයකට පිළිතුරු දෙමින්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඒ බව පැවසීය.
චීනයේ තායිවාන ප්‍රදේශයේ කටයුතුවලට බාහිර බලවේගයන් මැදිහත්වීමටත් ජපානයේ මිලිටරිවාදය පණ ගැන්වීමටත් චීනය කිසිසේත් ම ඉඩ නොදෙයි. ජපානයේ මිලිටරිවාදය සියලු ලෝවැසියන්ගේ සතුරායි. සාමයට ආදරය කරන සමස්ත රටවල් හා ජනතාව සමග එක්ව දෙවන ලෝක යුද ජහග්‍රහණ සහ පශ්චාත් යුද ජාත්‍යන්තර පටිපාටිය සුරැකීමට චීනය කැපවන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී කියා සිටියේය.

