28 C
Colombo
Wednesday, February 25, 2026

ජාත්‍යන්තර සාමය හා විශ්වාසය පිළිබඳ වසර සඳහාවූ සංසදයට චීන ජනපතිගේ විශේෂ නියෝජිතයෙක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

හෙට(12) තුර්ක්මෙනිස්ථානයේ පැවැත්වීමට නියමිත ‘ජාත්‍යන්තර සාමය හා විශ්වාසය පිළිබඳ වසර සඳහාවූ සංසදය’ට චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ විශේෂ නියෝජිතයා එක් වීමට සූදානම් වෙයි.

ෂී ජින්පිං මහතා වෙත තුර්ක්මෙනිස්ථානය සිදු කළ ආරාධනාවට අනුව, ඔහුගේ විශේෂ නියෝජිත, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නියෝජ්‍ය සභාපති Peng Qinghua මහතා එම සංසදයට එක් වන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව, එහි ප්‍රකාශක Guo Jiakun මහතා අද(11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසුවේ තුර්ක්මෙනිස්ථානය චීනයේ විස්තීර්ණ උපායමාර්ගික හවුල්කරුවෙකු බවයි. තුර්ක්මෙනිස්ථානය මෙම සංසදය පැවැත්වීම සම්බන්ධයෙන් චීනය ඉහළ වැදගත්කමක් ලබා දෙයි. තුර්ක්මෙනිස්ථානයට අඛණ්ඩව මධ්‍යස්ථ ප්‍රතිපත්තියේ එල්බ සිටීමට චීනයේ අනුබලය හිමි වෙයි. මධ්‍යස්ථ රටක් ලෙසට ජගත් ප්‍රජාව තුළ වඩාත් ඵලදායී කාර්යභාරය ඉටු කිරීමට චීනය එර‍ටට සහාය දක්වන බව ද Guo Jiakun මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here