28 C
Colombo
Wednesday, February 25, 2026

චීන ජනපති චීනයේ ඉහළම වාර්ෂික ආර්ථික කාර්ය සැසිවාරය අමතයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

චීනයේ මධ්‍යම ආර්ථික කාර්ය සැසිවාරය අද(11) දක්වා දින දෙකක් පුරා චීනයේ බෙයිජිං හිදී පැවැත්විණ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සමුළුව අමතා 2025 සඳහා ආර්ථික කාර්යයන් සාරාංශගත කරමින් එළඹෙන 2026 වසර සඳහා ආර්ථික සංවර්ධන ක්‍රියාමාර්ග නියම කළේය.

මෙම වසර, අසාමාන්‍ය වසරක් බව එම සැසිවාරයේදී සඳහන් කෙරිණ. ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මඟපෙන්වීමෙන්, චීනය සමස්තයක් ලෙස නව සංවර්ධන සංකල්පයෙන් යුතුව අධිෂ්ඨානශීලීව ක්‍රියාකර, උසස් මට්ටමේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් දේශීය හා විදේශීය අංශ දෙක සම්බන්ධීකරණයෙන්, වඩාත් ඵලදායී සාර්ව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇත. ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වන ප්‍රධාන ඉලක්ක සාර්ථකව සාක්ෂාත් කිරීමට හැකි වනු ඇතැයි ද මෙම සැසිවාරයේදී ප්‍රකාශ කෙරිණ.

2026 වර්ෂයේ ආර්ථික සංවර්ධනය සඳහා පහත සඳහන් ප්‍රධාන කාර්යයන් වෙත ප්‍රමුඛත්වය ලබාදීමට එම සැසිවාරයේදී තීරණය කෙරිණ.

පළමුවන්න, දේශීය ඉල්ලුම ප්‍රමුඛ කර ගනිමින් ශක්තිමත් දේශීය වෙළඳපොළක් ගොඩනැගීම. දෙවැන්න, නවෝත්පාදනය මත පදනම්ව නව වර්ධන ධාවකයන් සංවර්ධනය කිරීම.

තෙවැන්න, උසස් මට්ටමේ සංවර්ධනයේ ජීව ශක්තිය වැඩි දියුණු කර ගැනීමට ප්‍රතිසංස්කරණ තවදුරටත් ක්‍රියාත්මක කිරීම.

මීට අමතරව, පොදු ජයග්‍රහණ සහිත සහයෝගිතාව තහවුරු කිරීම සඳහා විවෘතභාවයෙහි එල්බ සිටිය යුතු අතර නාගරික හා ගම්මාන අතර සමතුලිත සංවර්ධනය මෙන්ම අන්තර් ප්‍රදේශ එකමුතුවෙන් ඉදිරියට යාමේ ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාවට නංවාලීමට ද පියවර ගැනේ.

“ද්විත්ව-කාබන්”  ඉලක්ක සපුරා ගැනීම උදෙසා අංග සම්පූර්ණ හරිත පරිවර්තනයක් සාක්ෂාත් කර ගැනීමට ද අපේක්ෂා කෙරේ.

තවද, ජනතා ජීවනෝපාය ප්‍රමුඛතාවයෙහි තබමින් ජනතාවට ගැලපෙන සේවයක් ඉටු කිරීම සඳහා උත්සාහ කළ යුතු අතර වැදගත් ක්ෂේත්‍රවල සිදු විය හැකි අවදානම් ක්‍රියාශීලීව විසඳා ගැනීමේ අවශ්‍යතාවද මූලික පදනමක් ලෙසට එම සමුළුවේදී ප්‍රකාශ කෙරිණ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here