27.2 C
Colombo
Wednesday, February 25, 2026

මෙම වසරේ සහ ලබන වසරේ ආර්ථික කටයුතු පිළිබඳ අදහස් හා යෝජනා විමසීමේ සම්මන්ත්‍රණය චීන ජනපති ප්‍රධානත්වයෙන්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

මෙම වසරේ ආර්ථික තත්ත්වය සහ ලබන වසරේ ආර්ථික කටයුතු පිළිබඳව විවිධ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල මධ්‍යම කමිටු නායකයින්ගෙන්, සමස්ත චීන කර්මාන්ත හා වාණිජ සම්මේලනයේ සහ නිර්පාක්ෂික පුද්ගලයින්ගෙන් හා නියෝජිතයින්ගෙන් අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා බෙයිජිං හිදී චීන කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ නොවන සාමාජිකයින් සමඟ සම්මන්ත්‍රණයක් පැවැත්වීය. චීන කොම්යුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින් පිං මහතා සම්මන්ත්‍රණයේ මුලසුන දැරූ අතර වැදගත් දේශනයක් ද පැවැත්වීය.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ විශ්ලේෂණය හා තක්සේරුව සහ ලබන වසරේ ආර්ථික සැලසුම් සම්බන්ධයෙන් එම සම්මන්ත්‍රණයට එක්වූ නියෝජිතයෝ එහිදී පූර්ණ එකඟතාව පළ කළහ. කාර්මික පිරිසැලසුම ප්‍රශස්ත කිරීම, අධ්‍යාපන, විද්‍යා හා තාක්ෂණ කුසලතා පද්ධතියේ ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම, දේශීය ඉල්ලුම පුළුල් කිරීම, ඉහළ මට්ටමේ විවෘතභාවය ප්‍රවර්ධනය කිරීම සහ උසස් තත්ත්වයේ රැකියා නියුක්තිය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද ඔවුහු අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.

එම අදහස් හා යෝජනාවලට සවන් දීමෙන් පසු, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් ෂී ජින් පිං මහතා නියෝජිතයින්ට සිය කෘතඥතාව පළ කළේය. අදාළ අදහස් සහ යෝජනා මනාව අධ්‍යයනය කර පිළිගන්නා බව ඔහු එහිදී පැවසීය.

චීනයේ දිගුකාලීන ආර්ථික වර්ධනයට සම්බන්ධ සහායක කොන්දේසි සහ මූලික ප්‍රවණතාව වෙනස් වී නොමැති බව ඔහු එහිදී පැවසීය. ආර්ථික වර්ධනයේ ධනාත්මක ගම්‍යතාව අඛණ්ඩව තහවුරු කර පුළුල් කිරීමට සහ 15 වන පස් අවුරුදු සැලැස්ම සඳහා කදිම ආරම්භයක් ලබා ගැනීම වෙනුවෙන් විශ්වාසය ශක්තිමත් කළ යුතු බවත්,වාසිදායී තත්ත්වයන් උපයෝගී කර ගනිමින් අභියෝග සඳහා මුහුණ දිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවෙන් චීන අගමැති Li Qiang මහතා,එහිදී මෙම වසරේ ආර්ථික කටයුතු පිළිබඳව නියෝජිතියින් දැනුවත් කළ අතර ලබන වසරේ ආර්ථික කටයුතු සඳහා සලකා බැලීම් ද හඳුන්වා දුන්නේය.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here