27.2 C
Colombo
Wednesday, February 25, 2026

ශ්‍රී ලංකාවට බලපෑ බරපතල ආපදා තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා ජනපති වෙත චීන ජනපතිගෙන් ශෝක පණිවිඩයක්

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ශ්‍රී ලංකාවේ සිදු වූ බරපතල ගංවතුර ව්‍යසනය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ශෝක පණිවිඩයක් යොමු කර ඇත.

ශ්‍රී ලංකාවට බලපෑ අධික වර්ෂාපතනය ඇතුළු අයහපත් කාලගුණය හේතුවෙන් විශාල ජීවිත හා ආර්ථික හානි සිදු වූ බව දැන ගත් විගස තමා කම්පනයට පත් වූ බව ෂී ජින්පිං මහතා (3) දා යොමු කළ එම පණිවිඩයෙන් පවසා තිබේ. චීන රජය හා චීන ජනතාව නියෝජනය කරමින් තමා එම විපතෙන් මිය ගිය පුද්ගලයින් වෙනුවෙන් දැඩි ශෝකය පළ කරන අතර ඔවුන්ගේ පවුල් හා බලපෑමට ලක් ජනතාවට අවංක සංවේගය ප්‍රකාශ කරන  බව ද ඔහු කියා සිටී.

චීනය හා ශ්‍රී ලංකාව අවංකව අන්‍යෝන්‍ය සහයෝගය ලබා දෙන, පාරම්පරික මිත්‍රත්වයෙන් බැඳී සිටින උපායමාර්ගික සහයෝගතා හවුල්කරුවන්ය. විපතට මුහුණදීමට චීනය ශ්‍රී ලංකාවට අනුබලය හා සහාය ලබා දීමට කැමැත්තෙන් සිටියි. ශ්‍රී ලංකා රජයේ ශක්තිමත් නායකත්වයෙන් එහි ජනතාවට කඩිනමින් විපත ජය ගෙන සිය නිවාස යළි ගොඩනැගීමට හැකි වෙතැයි විශ්වාස කරන බව ද චීන ජනාධිපතිවරයාගේ පණිවිඩයේ ප්‍රකාශ කර ඇත.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here