27.2 C
Colombo
Wednesday, February 25, 2026

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දියානු රුපියල වාර්තාගත අවම අගයකට පහත වැටේ

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඉන්දියානු රුපියල පළමු වරට ඇමරිකානු ඩොලරයක් සඳහා වන වාර්තාගත අවම අගය වාර්තා කරයි. දෙසැම්බර් 03 වන දින, ඉන්දියානු රුපියල ඇමරිකානු ඩොලරයක් සඳහා රුපියල් 90 ට වඩා පහත වැටී ඇති බව වාර්තා විය.

ඉන්දියාව සහ ඇමරිකාව අතර වෙළඳ සාකච්ඡාවන්හි අවිනිශ්චිතතාවය, රුපියලෙහි විනිමය අනුපාතයට පීඩනයක් ඇතිවීමට ප්‍රධාන හේතුවක් බව ඇතැම් වෙළඳපල විශ්ලේෂකයින්ගේ විශ්වාසය වී තිබේ. ඇමරිකාව ඉන්දියානු නිෂ්පාදන සඳහා 50% ක් දක්වා ඉහළ තීරු බදු පනවා තිබේ.

තවද, ඉන්දියානු සංචිත බැංකුව විනිමය අනුපාතය පවත්වා ගැනීම සඳහා පියවර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්, රුපියලෙහි අගය අවප්‍රමාණය වීම පිළිබඳ වෙළඳපොළ කනස්සල්ල ද තවත් උග්‍ර විය.

ඉන්දියාවේ ඛණිජ තෙල්, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ පොහොර ඇතුළු භාණ්ඩ ආනයනය මත දැඩි ලෙස රඳා පවතින බව එරට මාධ්‍ය වාර්තා කරයි. රුපියල අවප්‍රමාණය වීම අදාළ භාණ්ඩයන්හි මිල තවදුරටත් ඉහළ යාමට හේතු විය හැකි අතර, එය සාමාන්‍ය ඉන්දීය වැසියන්ටත් බලපා ඇති බව වාර්තා වේ.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here