තායිවාන සමුද්‍ර සන්ධියේ තත්ත්වයන්ට මැදිහත්වන ඕනෑම බාහිර බලවේගයක් චීනයේ දැඩි පහරදීමට ලක්වනු ඇතැයි චීනය පවසයි.
චීනයේ තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක පක්ෂයේ විදේශ කටයුතු ප්‍රධානියා මෑතකදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian මහතා අද (2) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ඒ බව අවධාරණය කළේය.
වත්මන් චීන-ජපාන සබඳතාවන්හි ආතතීන් තත්ත්වයට හේතුවී ඇත්තේ ජපන් අගමැතිනියගේ වැරදි ප්‍රකාශය බව ඔහු පෙන්වා දුන්නේය. ජපානය චීනය සම්බන්ධයෙන් ලබාදුන් දේශපාලන ප්‍රතිඥා අනුගමනය කරමින් වැරදි ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බව ද ඔහු කියා සිටියේය.
චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක පක්ෂය වන “ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලි පක්ෂය” බාහිර බලවේග මත යැපෙමින් බෙදුම්වාදීන්ගේ ස්වාධීනත්ව අරමුණ ඉටු කර ගැනීමට දරන උත්සාහය අනිවාර්යයෙන්ම පරාජයට පත් වනු ඇතැයි ද Lin Jian මහතා තවදුරටත් අවධාරණය කර ඇත.

