27.2 C
Colombo
Wednesday, February 25, 2026

ඇමරිකාව හා යුක්රේනය අතර නව වටයේ සාකච්ඡාව අවසන් වෙයි

- Advertisement -spot_imgspot_img
- Advertisement -spot_imgspot_img

ඇමරිකා සහ යුක්රේන නියෝජිත කණ්ඩායම් ඇමරිකාව විසින් සකස් කරන ලද රුසියා-යුක්රේන ‘සාම සැළැස්ම’ සම්බන්ධ නව වටයේ සාකච්ඡාව අවසන් වෙයි. ඊයේ(30) ඇමරිකාවේ Florida ජනපදයේ සිදුවූ එම සාකච්ඡාව පැය 4ක පමණ කාලයක් පැවතිණ. ඇමරිකානු නියෝජිත කණ්ඩායම රාජ්‍ය ලේකම් Marco Rubio ඇතුළු පිරිසකගෙන් සමන්විත විය. යුක්රේන ජාතික ආරක්ෂාව සහ ජාතික ආරක්ෂක කටයුතු කවුන්සිලයේ ලේකම් Rustem Umerov එරට නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙසට සාකච්ඡාවට එක්ව සිටියේය.

සාකච්ඡාවෙන් පසු Marco Rubio පැවසුවේ එම සාකච්ඡාව ඵලදායී වුවද තවත් කාර්යයන් රැසක් සිදු කළ යුතු බව ය. රුසියා-යුක්රේන ගැටුම් අවසන් කෙරෙන ඕනෑ ම ගිවිසුමකට රුසියාව කේන්ද්‍රීය කාර්යභාරයන් ඉටු කරනු ඇතැයි ද ඔහු පවසා ඇත.

එමෙන් ම, මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපතිවරයා ඊයේ(30) සමාජ මාධ්‍ය ඔස්සේ පැවසුවේ මෙම සාකච්ඡාව තුළින් ඵලදායී ප්‍රතිඵල ලබා ගෙන ඇති අතර, ඊට සම්බන්ධ කාර්යයන් ඉදිරියට ගෙන යනු ඇති බවයි.

ඉකුත් නොවැම්බර් 20 වන දා, ධවල මන්දිරය විසින් සකස් කරන ලද කරුණු 28කින් සැදුම්ළත් රුසියා-යුක්රේන ‘සාම සැළැස්ම’ හෙළිදරව් කෙරිණ. 23 වන දින, ඇමරිකා, යුක්රේන සහ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායම් ජිනීවා හිදී සාකච්ඡා පවත්වමින් එම සැළැස්මේ කරුණු විශාල වශයෙන් අඩු කළහ. ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය දා පැවසුවේ යළිත් සැකසුණු එම සාම සැළැස්මට යුක්රේනය මූලික වශයෙන් එකඟ වුවද ඇමරිකාව සහ යුක්රේනය අතර ඒ සම්බන්ධ මතභේද තවමත් පවතින බවයි.

- Advertisement -spot_imgspot_img
Latest news
- Advertisement -spot_img
Related news
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here