චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය “නව යුගයේ අවි පාලනය, නිරායුධකරණ සහ අවි ව්‍යාප්තිය වැළැක්වීම” නමැති ධවල පත්‍රිකාව නිකුත් කරයි. අද(27) නිකුත් කෙරුණු එම ධවල පත්‍රිකාවට අනුව ජාත්‍යන්තර අවි පාලනය, නිරායුධකරණය සහ අවි ව්‍යාප්තිය වැළැක්වීම සඳහා චීනය සක්‍රිය කාර්යභාරයක් ඉටු කරන අතර චීනයේ ඵලදායී යෝජනා සහ විසඳුම් ඉන් ඉදිරිපත් කර ඇත.
ගෝලීය සාමය ස්ථාපිත කරන්නෙකු, ගෝලීය සංවර්ධනයට දායකත්වය ලබා දෙන්නෙකු සහ ගෝලීය පටිපාටිය ආරක්ෂා කරන්නෙකු ලෙස චීනය සැමවිටම කටයුතු කරයි. එමෙන්ම අවි පාලනය, නිරායුධකරණ සහ අවි ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ චීනයේ ප්‍රතිපත්ති සහ කාර්යයන් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම ධවල පත්‍රිකාව නිකුත් කර තිබේ. එමගින් අභ්‍යවකාශ මෙහෙයුම්, සයිබර් ක්‍රියාකාරකම් සහ කෘත්‍රිම බුද්ධිය වැනි නවීන ක්ෂේත්‍රවල ආරක්ෂක පාලනය පිළිබඳ චීනයේ ආකල්පය ද එහි දක්වා ඇත.
ලෝක සාමය සහ ආරක්ෂාව සහතික කිරීමේ චීනයේ ප්‍රතිඥාව යළි තහවුරු කරන මෙම පත්‍රිකාව, ජාත්‍යන්තර අවි පාලනය සඳහා ලෝකයේ සියලුම රටවලට එක්වන්නැයි ආරාධනා කර සිටී.

